පණ පිටින්ම මහේශාක්‍ය ඇතාගේ දළයක් කපාගෙන ගිහින්: ඇතා මියයයි

455

කැබිතිගොල්ලෑව රක්ෂිතයේ තවත් ඇතෙකුගේ ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා වැටී සිටි ‘මහේශාක්‍ය’ නම් ඇතාගේ එක් දළයක් ඇතා පණ පිටින් සිටියදීම නරුමයන් පිරිසක විසින් පොරොවකින් පහරදී කපාගෙන ගොස් තිබේ.

අනෙක් දළය කපා ගැනීම සඳහා ද මොවුන් දැඩි උත්සාහයක් ගෙන තිබී ඇත. ඒ සඳහා වැටී සිටි ඇතා අනෙක් පසට හැරවීමට ඇතාගේ හිසට තදින් පහරදී ඇති බව ද වන ජීවී නිලධාරීහු පවසති.

කෙසේ හෝ මෙසේ හිසට පහර දීමෙන් සිදු වූ කම්පනය හා අනෙක් ඇතා විසින් සිදුකරන ලද පහරදීමෙන් ඇති වූ තුවාල හේතුවෙන් මහේශාක්‍ය මිය ගොස් ඇත.

මෙසේ දළ කපාගෙන යන අවස්ථාව වන විට ඇතා වන ජීවී නිලධාරීන්ගේ ප්‍රතිකාර යටතේ පසු වූ බව කියනු ලැබේ.

මීට පෙරද මෙම ඇතා තවත් ඇතෙකු හා සිදු වූ ද්වන්ධ සටනකදී තුවාල ලබා වනජීවී නිලධාරීන් විසින් ප්‍රතිකාර ලබා දී බේරාගන්නා ලද බවත්, මෙවර එම අවස්ථාව ගිලිහී ගියේ හිත් පිත් නැති නරුමයන් විසින් දළ කපාගෙන ඇතාට සිදුකරන ලද මාරාන්තික තුවාල නිසා බවත් වනජීවී නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

ජගත් කණහැරආරච්චි, රජිත ප්‍රනාන්දු – හඳපාන්ගොඩ
පින්තුර – කුෂන් සමීර – මුහුණු පොත

advertistmentadvertistment
advertistmentadvertistment