සියැට් කැළණි හෝල්ඩිංග්ස් කළමනාකාර අධ්‍යක්ෂ රවී ඩඩ්ලානි මහතා, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ශමල් ගුණවර්ධන මහතා සහ සියැට් කැලණි හෝල්ඩිංග්ස් නියෝජිතයින්, සුව සැරිය පදනමේ ප්‍රධාන විධායක නිලධාරී සොහාන් ද සිල්වා මහතා සහ පදනමේ නියෝජිතයන් සමග ආයතන දෙක අතර ගිවිසුම අලු‍ත් කිරීමේ අවස්ථාවට සහභාගි වූ අයුරු.

ගිලන් රථ 322ක් ක්‍රියාත්මක කරන සුව සැරිය පදනමෙහි මානුෂීය මෙහෙවර අඛණ්ඩව ඉටු කිරීමට එම සේවයේ ටයර් අවශ්‍යතාවයන් සඳහා පළමු තේරීම වන සියැට්-කැලණි හෝල්ඩිංග්ස්හි දායකත්වය ලැබී ඇත.

සියැට්-කැලණි විසින් ගිලන් රථ 5ක් සඳහා ටයර් නොමිලයේ ලබා දීමටත්, අනෙකුත් ටයර් අවශ්‍යතාව නිෂ්පාදන පිරිවැයට වඩා සුළු මිලකට ලබා දීමට ඉදිරිපත් වෙමින්, සුව සැරිය සඳහා වූ සිය කැපවීම නැවත තහවුරු කර ඇත.

සුව සැරිය ගිලන් රථ දිනකට අවම වශයෙන් කිලෝමීටර් 25,000ක් ධාවනය කරන්නේ ජනතාවගේ ජීවිත බේරා ගැනීම උදෙසාය. ගිලන් රථ සේවාවට අයත් ටයර් බවට හඳුනා ගැනීම සඳහා සියැට් ටයර්වල පැති බිත්තිවල ‘1990’ අංකය සහිතව සියැට් ‘රයිනෝ ප්ලස්’ ටයර් නිෂ්පාදනය කිරීමට සියැට්-කැලණි ඉදිරියේදී කටයුතු කරනු ඇත

advertistmentadvertistment
advertistmentadvertistment