අකලට හිසකෙස් යෑමට බලපාන හේතු

193

කාන්තාවන්ගේ පමණක් නොව පිරිමින්ගේ ද රුව අලංකාර කරන දෙයක් බවට හිසකෙස් හැඳින්විය හැකිය. නීරෝගි කාන්තාවකගේ හිසකෙස් ගසක් අඩි පහක් පමණ දිගුවට වර්ධනය වේ. පිරිමි හිස කෙස් ගසක් ද අඩි තුනක් හතරක් වර්ධනය වේ. සාමාන්‍යයෙන් නීරෝගි කෙස්ගසක් දින 14කින් පමණ වර්ධනය වේ. ඉන්පසු එය දිරාපත්වී ගැලවී යෑම සිදුවේ. නමුත් ඇතැම් පුද්ගලයන්ගේ හිසකෙස් ඉතා ඉක්මනින් ගැලවී යෑම, දිරාපත්වීම, දුර්වර්ණ වීම, සුදු පැහැ ගැන්වීම සිදුවේ. මෙය සිරුරේ කිසියම් රෝගී තත්ත්වයක් නිසා හටගන්නා බව හඳුනාගෙන ඇත. එය සමේ රෝගයක්, පෝෂණ දුර්වලතාවක්, හෝමෝනවල අසමතුලිතතාවයක් විය හැකිය.

අකලට හිසකෙස් යෑම

අකලට හිසකෙස් යෑමේදී ප්‍රධාන වශයෙන්ම සැලකිලිමත් විය යුත්තේ තමා හිස පීරන පනාව සම්බන්ධයෙනි. එම පනාව අපිරිසිදු නම් දුහුවිලි අංශු එක්වී ඇති නම්, කැරපොත්තන්, හූනන් වැනි සතුන් පනාව මතින් ගමන් කරයි නම් ඉතා පහසුවෙන් බැක්ටීරියා, වෛරස වැනි සමට අහිතකර ක්‍ෂුද්‍ර ජීවීන් හිස මතට ආක්‍රමණය කළ හැකිය.

හිසට ගල්වන ඇතැම් ආලේපන වර්ග හිස කෙස් වර්ධනයට අහිතකරය. එවැනි ආලේපනවල ඇති අහිතකර රසායන ද්‍රව්‍ය නිසා හිසකෙස් අකලට ගැලවී යෑම සිදුවේ.

කොණ්ඩා මෝස්තර සැකසීම සඳහා භාවිත කරන ජෙල් වර්ග පැය 24ක් යෑමට පෙර සෝදා හැරිය යුතුය. එසේ නොමැතිව එම ජෙල් වර්ග වැඩි කාලයක් පැවතීම නිසා හිස් කබලයට මෙන්ම හිස කෙස්වලට ද අතුරු ආබාධ ඇතිවිය හැකිය.

වර්තමානයේ බොහෝ කාන්තාවන්ගේ අකලට හිසකෙස් යෑමට බලපා ඇති එක් හේතුවවක් වී ඇත්තේ කොණ්ඩය අයන් කිරීමය. කොණ්ඩා විලාසිතා සඳහා මෙය නිතර නිතර සිදු කිරීම මගින් හිසකෙස් අකලට ගැලවී යයි.

හිස කෙස් කළු කිරීම සඳහා යොදා ගන්නා ඇතැම් ඩයි වර්ගවල ද හිස කෙස් වර්ධනයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු වී තිබේ. එමගින් ද අකලට හිසකෙස් ගැලවී යා හැකිය. (සිරුරේ පෝෂණ ඌණතා නිසා ද අකලට හිස කෙස් ගැලවී යා හැකිය.)

හිසකෙස් අකලට ගැලවී යෑමට බලපාන තවත් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ සිරුරේ හෝමෝන අසමතුලිතතාවයයි. තයිරොක්සීන් හෝමෝනයේ අසමතුලිතතාවය, ප්‍රජනන හෝමෝනවල අසමතුලිතතාවය නිසා ද අකලට හිස කෙස් ගැලවී යා හැකිය.

මෙලෙස කුමන හෝ හේතුවක් නිසා අකලට හිස කෙස් ගැලවී යෑමේදී ඉතා ඉක්මනින් තට්ටය පෑදීම සිදුවේ. විශේෂයෙන් ම මෙය කාන්තාවනට බරපතළ ගැටලුවකි. එය මානසිකව ද බලපානු ලබයි. එවිට හිස කෙස් ගැලවී යෑම තවත් වැඩිවේ.

චීන කටු ප්‍රතිකාර

අකලට හිසකෙස් ගැලවී යෑම, වළක්වා ගැනීම සහ හිස කෙස් වර්ධනය කඩිනම් කර ගැනීම සඳහා චීනකටු ප්‍රතිකාරයේ දී විශේෂ නිල ප්‍රතිකාර ක්‍රම රැසක් පවතී. එහිදී හිස කෙස් අකලට ගැලවී යෑමට බලපා ඇති රෝග තත්ත්වය අනුව එම නිල ප්‍රතිකාරය කරනු ලබයි.

මෙහිදී සිදු කරන සුවිශේෂී ප්‍රතිකාරයක් වන්නේ සප්තාකා කටු භාවිත කර (Plumbosom Needle) සිදු කරන ප්‍රතිකාර ක්‍රමයයි. මෙමගින් අකලට හිසකෙස් යෑම වළක්වාලන අතර ඉක්මනින් හිස කෙස් වර්ධනය ද සිදු කරයි.

හිස කෙස් වර්ධනය උත්තේජනය කරන නිලස්ථාන රැසක් චීන කටු ප්‍රතිකාර ක්‍රමයේ දී හඳුන්වාදී ඇත. එම නිලස්ථාන අතර Baihui (Du20) Sishencong (Ex 06) Taixi (Ic 3) Yingu (K-10) Lieque (Lu – 07) Hegu (LI – 4) waiguan (SJ – 5), Touwei (st – 8) යන නිලස්ථාන උද්දීපනය කරනු ලබයි.

ඒ සඳහා චීන කටු ප්‍රතිකාරය (A cupuncture) විද්්‍යුත් උත්තේජන උපකරණ භාවිතය (Electric stimulator) නිල තෙරපුම, මෝසා (Moxa) උපකරණ භාවිතය ආදී ප්‍රතිකාර ක්‍රම රැසක් භාවිත කරනු ලබයි.

මෙම ප්‍රතිකාර ලබාගන්නා අතර තමා හිස පීරීම සඳහා භාවිත කරන පනාව ඉතා පිරිසිදුව තබා ගැනීම, නිදාගන්නා කොට්ටය, ඇඳ ඇතිරිලි පිරිසිදුව තබා ගැනීම, දිනපතා ස්නානය ආදිය කළ යුතුය. එසේ ම කොළ පැහැති එළවළු වර්ග, පලා වර්ග දිනපතා ආහාරයට ගැනීම කළ යුතුය. හිස කෙස්වල නීරෝග බවට අදාළ විටමින් වර්ග ආදිය පලා වර්ග සහ කොළ පැහැති එළවළු වර්ගවල බහුලව පවතී.

අකලට හිස කෙස් යෑමේ ගැටලුව වර්තමානයේ තරුණ පරපුර අතර බහුලව දක්නට ලැබේ. ඉන් බොහෝ දෙනා දැඩි මානසික පීඩනයට පත්ව සිටිති. මෙම මානසික පීඩනය ද හිස කෙස් අකලට යෑම වැඩි කිරීමට හේතුවේ. එබැවින් නිසි ප්‍රතිකාර ලබාගැනීම මගින් මෙම තත්ත්වය වළක්වා ගැනීමට පිළිවන.

වැඩි විස්තර සඳහා දුරකථන අංකය 0714299777 ඇමැතිය හැකිය.

අකලට හිසකෙස් යෑමට බලපාන හේතු

කළුබෝවිල ද සිල්වා පාර
ජය සමගි මාවත
කළුබෝවිල චීන කටු වෛද්‍ය සායනයේ අධ්‍යක්‍ෂ සහ වෛකල්පිත ජාත්‍යන්තර විවෘත විශ්වවිද්‍යාලයේ
මාධ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය

සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment