අරගල විරෝධතාවලට පොලිසිය ජල ලීටර් පනස් දහසක් ගහලා

106

ගතවූ සතියේ පොලිස් මහජන කළමනාකරණ අංශයේ ජල ප්‍රහාරක රථ මගින් උද්ඝෝෂණ සහ අරගලකරුවන්ට ජල ලීටර් පනස්දාහකට ආසන්න ප්‍රමාණයක් එල්ල කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් “දිවයින”ට ඊයේ (12 දා) පැවසීය.

මේ සඳහා ජලය සපයා ගත්තේ කොළඹ මාලිගාවත්තේ ජල සම්පත් මණ්ඩලය මගින් බවද පොලිසිය කියයි.

ඉකුත් 9 වැනිදා අරගලකරුවන්ට ජල ලීටර් විසිපන්දහසක් පමණ එල්ල කර ඇතැයිද පොලිසිය මුදල් ගෙවා මෙම ජලය ලබා ගන්නා බවද පැවසේ.

ජල ප්‍රහාරක රථ හත අටකට පමණ ගල්මුල් ප්‍රහාර එල්ල වී හානි සිදු වූ බවද ජල ප්‍රහාරක රථවල ජලය අවසන් වෙද්දී නාවික හමුදාවේ සහාය ලබාගන්නා බවද හෙතෙම සඳහන් කළේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment