මහනුවර හා නුවරඑළියේ තැපැල් කාර්යාල විකිණීමේ සූදානමට විරෝධය පා තැපැල් සේවකයෝ අද සහ හෙට වර්ජනයේ

106

පෞරාණික මෙන්ම ආර්ථික වටිනාකමකින් යුත් මහනුවර හා නුවරඑළිය තැපැල් කාර්යාල සතු ගොඩනැඟිලි සහ භූමිය හෝටල් ව්‍යාපෘති සඳහා පෞද්ගලික සමාගම් වෙත පැවරීමට උත්සාහ දැරීමට එරෙහිව අද සහ හෙට (08 සහ 09) සංකේත වැඩ වර්ජනයක නිරත වන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සම්පත් සී ලියනගේ මහතා ඊයේ (07 දා) ‘දිවයින’ට පැවසීය. අප රටේ ජාතික සම්පත් විකුණාගෙන කෑමේ වත්මන් රජයේ උත්සාහයට දැඩි විරෝධය පළකර එය නවතා දමන ලෙස ජනාධිපතිවරයා ඇතුළු රජයෙන් ඉල්ලීම් කළත් එයට යහපත් ප්‍රතිචාර නොදක්වන බව පෙනී යන නිසා මෙම වර්ජනය සිදුකරන බවත් ඔහු කීය.

වර්ජනය ඊයේ (07 දා) මධ්‍යම රාත්‍රි 12.00 සිට 09 වන දින මධ්‍යම රාත්‍රිය දක්වා පවත්වන බව ද ඔහු කීය. මීට සමගාමීව 09 වැනිදා නුවරඑළිය නගරයේදී දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට තැපැල් වෘත්තීය සමිති පෙරමුණ කටයුතු කරන බව ද ඒ මහතා කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment