තවත් කැබිනට් අමාත්‍යංශ 10කට ඇමැතිවරු පත්කරයි

539


තවත් කැබිනට් අමාත්‍යංශ 10කට මන්ත්‍රීවරු 06 දෙනෙක් සහ ඇමැතිවරු 02දෙනෙක් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
ඒ අනුව ඩග්ලස් දේවානන්ද මහතා ධීවර ,බන්දුල ගුණවර්ධන මහතා ප්‍රවාහන හා මහා මාර්ග සහ ජනමාධ්‍ය,සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එම ඇමැතිධුරයට අමතරව ජල සම්පාදන,මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ,වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ මහතාට එම ඇමැතිධුරයට අමතරව කර්මාන්ත,විදුර වික්‍රමනායක මහතා බුද්ධ ශාසන,ආගමික සහ සංස්කෘතික කටයුතු,අහමඩ් මෙයිනුලාබ්දීන් නසීර් මහතා පරිසර,රොෂාන් රණසිංහ මහතා වාරිමාර්ග,ක්‍රීඩා හා යෞවන කටයුතු යන ඇමැතිධුර වල දිවුරුම් දුන්හ.මේ අනුව කැබිනට් ඇමැතිවරු 19ක් මේවන විට දිවුරුම් දීම සිදුකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment