The Wacky හෙට

93

දැඩි වැසි සහිත රාත්‍රියක දී පන්ති කාමරයක් තුළ තනි වන්නට සිදුවන ගුරුවරියකටත්, ඇගේ සිසුන් පිරිසටත් මුහුණ දෙන්නට සිදුවන අනපේක්ෂිත සිදුවීම් මාලාව වටා නිර්මාණය වුණු The Wacky සිනමාපටය හෙට (25වැනිදා) සිට වන්ගෝල් ෆේස් හි පිහිටි පීවීආර්, ස්කයි ලයිට් මාතර, කේසීසී මල්ටිප්ලෙක්ස් නුවර, ස්කෝප් සිනමා කළම්බු සිටි සෙන්ටර් හි තිර ගත කෙරේ.

The Wacky සිනමාපටය නිෂ්පාදනය කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක් වන NIBM පෞද්ගලික විශ්වවිද්‍යාලය විසිනි. චිත්‍රපටයේ බොහෝමයක් චරිත සඳහා එහි උසස් අධ්‍යාපනය හදාරන සිසුන් විසින් ම රංගන දායකත්වය ලබාදෙන අතර චිත්‍රපටයේ දර්ශන තලවලට යොදාගෙන තිබෙන්නේ ද NIBM පරිශ්‍රයයි.

The Wacky චිත්‍රපටය අධ්‍යක්ෂණය සමෘද්ධි රණසිංහ ගෙනි. NIBM පෞද්ගලික විශ්වවිද්‍යාලය වෙනුවෙන් මෙය නිෂ්පාදනය කර ඇත්තේ එම ආයතනයේ විධායක අධ්‍යක්ෂක D.M.A. කුලසූරිය විසිනුයි. අධ්‍යක්ෂ සමෘද්ධි රණසිංහ, සරත් කරුණාරත්න සහ කෞෂි සිරිවර්ධන මෙහි කතාව සහ තිර පිටපත ගොඩ නඟා තිබේ. කැමරා අධ්‍යක්ෂණය දිමුතු කාලිංග රත්නායක ගෙනි. මාලිංග වීරක්කොඩිගේ සංස්කරණයෙන් හැඩව තිබෙන The Wacky හි කලා අධ්‍යක්ෂණය නුවන් සනුරන්ඛ ගෙනි. ප්‍රියන්ත දිසානායක වේෂ නිරූපණයෙන් ද ඊෂා ජයසිංහ ඇඳුම් නිර්මාණකරණයෙන් ද චිත්‍රපටයේ පසුබිම් සංගීතය සහ ශබ්ද පරිපාලනය හේමක විජේරත්න ගෙන් ද නිර්මාණය වී තිබේ. මෙය NIBM වෙනුවෙන්, Watermark Productions සහ Peppermint Productions ඉදිරිපත් කිරීමකි.

advertistmentadvertistment
advertistmentadvertistment