ශ්‍රී ලංකා, කොදෙව් තරගය අද

195

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරඟ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර තරගය අද (07) පැවැත්වේ.තරගය අද මෙරට වේලාවෙන් දහවල් 12.30ට හරාරේ හිදී ආරම්භවීමට නියමිතය.බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙකු වන තුන්ඉරියව් ක්‍රිඩක ජේසන් හෝල්ඩර් සහ වේගපන්දු යවන ක්‍රීඩක අල්සාරි ජෝසප් යළි කොදෙව් රාජ්‍ය බලා පිටත්ව යෑම හේතුවෙන් මෙම තරගය සඳහා ඔවුන් සහභාගී නොවන බව වාර්තා වෙයි.අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ද වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති බව පැවසෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment