ඔස්ටේ්‍රලියානු ‘ඒ’ කණ්ඩායමට කඩුලු 07ක ජයක්

199

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමගින් ක්‍රියාත්මක එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (08 වැනිදා) පැවැති පළමු තරගයෙන් කඩුලු 07ක ජයක් වාර්තා කිරීමට ඔස්ටේ්‍රලියානු ‘ඒ’ කණ්ඩායම සමත් විය.

 කොළඹ එස්.එස්.සී.  ක්‍රීඩාංගණයේදී පැවැති අදාළ තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලු 7ක් දැවී ලකුණු 297ක ඉලක්කයක් ඔස්ටේ්‍රලියානු ‘ඒ’ කණ්ඩායමට ලබා දුන්නේය. ඒ අනුව ජයග්‍රහණය හඹා ගිය ඔස්ටේ්‍රලියානුවෝ පන්දුවාර 47.4කදී කඩුලු 03ක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර ගියේය.

 ඔස්ටේ්‍රලියානු කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළ කැමරන් ග්‍රීන් ලකුණු 119ක් රැස් කළේ පන්දු 111කට පමණක් මුහුණ දෙමිනි. කැමරන්ගේ නොදැවුණු ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 9ක් ඇතුළත් විය. ඔස්ටේ්‍රලියා තෙවැනි කඩුල්ල වෙනුවෙන් සාර්ථක ලකුණු සම්බන්ධතාවක් දියත් කළ මැට් රෙන්ෂෝ සහ කැමරන් ග්‍රීන් එක්ව ලකුණු 121ක් සිය ලකුණු පුවරුවට එක් කළේය. මැට් රෙන්ෂෝ පන්දු 69කදී ලකුණු 68ක් රැස් කළේය.

 ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් මුළු ලකුණු 2දී ලසිත් කෲස්පුල්ලේ දැවී ගියේය. අනතුරුව පිටියට එක් වූ ඕෂධ ප්‍රනාන්දු සහ කමිඳු මෙන්ඩිස් එක්ව ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක අඩිතාලමක් එක් කරමින් ලකුණු 87ක සම්බන්ධතාවයක්

 ගොඩනැගීය. ඕෂධ ප්‍රනාන්දු ලකුණු 65ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 42කින් ශ්‍රී ලංකා ඉනිම සරසද්දී නායක ධනංජය ද සිල්වා ලකුණු 68ක් කින් ඊට දායකත්වය සැපයීය.

 මාක් ස්ටෙක්ටී සහ ටොඩ් මර්පි ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 2 බැගින් බිඳ දැමීය.

 ලකුණු සාරාංශය

 ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පන්දුවාර 50දී කඩුලු 7ක් දැවී ලකුණු 297යි (ඕෂධ ප්‍රනාන්දු 65, කමිඳු මෙන්ඩිස් 42, ධනංජය ද සිල්වා 68, අශේන් බණ්ඩාර 48, දුනිත් වෙල්ලාලගේ 33, මාර්ක් ස්ටෙක්ටී 72/2, ටොඩ් මර්පි 53/2)

 ඔස්ටේ්‍රලියානු ‘ඒ’ කණ්ඩායම පන්දුවාර 47.4කදී කඩුලු 3ක් දැවී ලකුණු 298යි (හෙන්රි හන්ට් 36, මැට් රෙන්ෂෝ 68, කැමරන් ග්‍රීන් (නොදැවී) 119, අලෙක්ස් කේරි (නොදැවී) 52, දුනිත් වෙල්ලාලගේ 55/2)

advertistmentadvertistment
advertistmentadvertistment