225 ම දියවන්නාවට දැම්මා නම් වෙන්නේ පරිසර හානියක් විතරයි – ජනපති කියයි

181

පසුගිය වසරේ රටේ විශාල කැළඹීමක් ඇති වෙලා පාර්ලිමේන්තුවේ 225 ම දියවන්නා ඔයට දාන්න ඕන කිව්වා. එහෙම කළානම් වෙන්නේ පරිසර හානියක් විතරයි. පාර්ලිමේන්තුව වටකරලා අල්ලගන්න හදන එකත් විසඳුමක් නොවෙයි. මේ ක්‍රමය සකස් කරන්න හිටපු කථානායක කරු ජයසූරිය මහතා සමඟ කතා කළ විට පාර්ලිමේන්තු අධීක්‍ෂණ කාරක සභා සහ අනෙකුත් කාරක සභාවලට තරුණ නියෝජිතයන් පත්කරන ලෙස කරු ජයසූරිය මහතා පෙන්වා දුන් බවත් ඒ වෙනුවෙන් ඒ මහතාට ස්තුති වන්ත වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ බත්තරමුල්ල වෝටර් එජ් හෝටල් පරිශ්‍රයේ පැවැති පාර්ලිමේන්තු ආංශික අධීක්‍ෂණ කාරක සභා සඳහා සම්බන්ධවීමට තෝරා ගත් තරුණ නියෝජිතයන් දැනුවත් කිරීමට පෙරේදා (13 දා) පැවැති උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියාසිටියේ පාර්ලිමේන්තු කටයුතුවලට බාහිරින් තරුණ නියෝජිතයන් තෝරාගන්නා ලෝකයේ පළමු අවස්ථාව මෙය බවයි. මේ නිසා මෙය ඓතිහාසික අවස්ථාවක් බවත් එය ප්‍රයෝජනයට ගන්නා ලෙසත් හෙතෙම තරුණ ප්‍රජාව ගෙන් ඉල්ලා සිටියේය. ක්‍රමය වෙනස් කිරීමට නම් ක්‍රමයට ඇතුළු වීමට අවශ්‍ය බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
චමින්ද සිල්වා, අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment