පාසල් සිසුන්ට මත් ටොෆි අලෙවි කළ තරුණයෙක් මුල්ලියාවලෙයි හිදී අත්අඩංගුවට

172

මත් ටොෆි 5000ක් කොකේන් සහ ජුසේ තොගයකුත් මාට්ටු

පාසල් සිසුන්ට හා පෞද්ගලික උපකාරක පන්ති වල සිසුන්ට නව මාදිලියෙන් ලොසින්ජර් ආකාරයෙන් තනන ලද මත් ටොපි අලෙවි කළ තරුණයෙකු මුලතිව් මුල්ලියාවලෙයි ප්‍රදේශයේදී ගුවන් හමුදාවේ විමර්ශන නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඔහු ලැගුම්ගෙන සිටි ස්ථානය පරීක්ෂා කිරීමේදී එවැනි මත් ලොසින්ජර් 5000 කට අධික ප්‍රමාණයක් තිබී හමු වී ඇත.

ඊට අමතරව ඔහුගේ ලැගුම් හලේ තිබී මත්වීමට උපයෝගී කර ගන්නා ජූස් මිලිග්‍රෑම් 34ක් සහ කොකේන් ගුලි 486ක් සොයාගෙන තිබේ.

ගුවන් හමුදාව විසින් අත්අඩංගුවට ගත් සැකකරු මුල්ලියාවලෙයි පොලීසියට බාර දීමෙන් පසුව මුලතිව් අධිකරණයට ඉදිරිපත් කොට තිබේ.

පොලීසිය විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව ඔහු දින හතක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන ඇත්තේ මුල්ලියාවල ප්‍රදේශයේ පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය බෙදාහරින හා අලෙවි කරන පුද්ගලයින් පිළිබඳව මොහු තොරතුරු රැසක්ම දන්නා නිසාය.

මුලතිව් මුල්ලියාවලෙයි ප්‍රදේශයේ පාසල් සිසුන් ඉලක්ක කරගෙන මත්ද්‍රව්‍ය අලෙවි කිරීම ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවට චෝදනා කරන දෙමව්පිය සංවිධාන කීපයක්ම එක්ව පසුගිය සතියේදී මුල්ලියාවලෙයි නගරයේදී විරෝධතාවක්ද දියත් කොට තිබුණි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment