අයිවරි කෝස්ට් ජනාධිපති අලසාන් වුටාහාගෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට පැසසුම්

79

ශ්‍රී ලංකාව සහ අයිවරි කෝස්ට් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීම සහ සහයෝගීතාව වර්ධනය කිරීම උදෙසා වැදගත් පියවරක් සනිටුහන් කරමින් තානාපති කනනාදන් මහතා අයිවරි කෝස්ට් ජනරජයේ ජනාධිපති අලසාන් වුටාහා සමඟ අබිජාන්හි පිහිටි ජනාධිපති මන්දිරයේදී 2023 ඔක්තෝම්බර් 26 වැනිදා ඵලදායී හමුවක් පවත්වන ලදී.

තානාපති කනනාදන් මහතා සාදරයෙන් පිළිගත් ජනාධිපතිවරයා දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමට කැපවන බව පැවසීය. මෙම හමුව දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල සාධනීය වර්ධනයක් මෙන්ම ශක්තිමත් සබඳතාවන් පිළිබද සුභ ලකුණක් බවත් ජනාධිපතිවරයා අවධාරණය කරනු ලැබීය. ද්විපාර්ශ්වික සබඳතාවල පූර්ණ හැකියාවන් අවබෝධ කර ගනිමින් අයිවරි කෝස්ට් රාජ්‍යය සමඟ තවදුරටත් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පවතින උද්යෝගය තානාපති කනනාදන් මහතා පැහැදිලි කළේය.

ආර්ථික විද්‍යාඥයකු මෙන්ම මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සේවය කර ඇති ජනාධිපති වුටාහා ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර කිරීම උදෙසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගෙන ඇති කඩිනම් සහ කාලීන වශයෙන් ඵලදායි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාව ආරම්භයේදී ප්‍රශංසාව පළ කළේය. එමෙන්ම දශක කිහිපයකට පෙර තමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ගිණුම භාරව සිටි බවද ජනාධිපති වුටාහා තානාපති කනනාදන් මහතා වෙත සඳහන් කළේය.

තානාපති කනනාදන් සහ ජනාධිපති අලසාන් වුටාහා දෙරට අතර සබඳතාවල වත්මන් තත්වය සමාලෝචනය කළ අතර වෙළඳාම සහ කෘෂිකර්මාන්තය ආදී විවිධ ක්ෂේත්‍ර වල සහයෝගීතාව පුළුල් කිරීම උදෙසා ඔවුන්ගේ කැපවීම අවධාරණය කරනු ලැබීය. ජනාධිපති වුටාහා සහ තානාපති කනනාදන් යන දෙදෙනාම මෙම ක්ෂේත්‍රවල අනොන්‍ය ප්‍රතිලාභ උදාකරගැනීම සඳහා පවතින හැකියාව පිළිගත් අතර, සහයෝගීතාව උදෙසා නව මංපෙත් ගවේෂණය කිරීමේ අවශ්‍යතාව මෙන්ම දෙරටේ ව්‍යාපාරික ප්‍රජාවන් වෙනුවෙන් අවස්ථා නිර්මාණය කිරීමේ වැදගත්කමද හඳුනා ගත්හ. මෙම හමුවේදී සාකච්ඡා කළ ප්‍රධාන කරුණු අතරට ද්විපාර්ශ්වික සබඳතා, වෙළඳ හා ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම, අප්‍රිකානු වර්ධනය සහ අවස්ථා පනත (AGOA) සහ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට අයිවරි කෝස්ට් හි මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා පවතින ආයෝජන අවස්ථා ද ඇතුලත්වේ.

ජනාධිපති වුටාහා අප්‍රිකානු වර්ධන සහ අවස්ථා පනතේ (AGOA) ප්‍රතිලාභ විශේෂයෙන් පෙන්වා දුන් අතර, එහි පවතින වාසි අත්විඳීම සඳහා ශ්‍රී ලාංකික ඇඟලුම් සහ රෙදිපිළි නිෂ්පාදකයන්ට ආරාධනා කරන ලෙස තානාපති කනනාදන් දිරිමත් කළේය. අප්‍රිකානු වර්ධන සහ අවස්ථා පනත යටතේ ශ්‍රී ලාංකේය ව්‍යවසායකයන්ට අයිවරි කෝස්ට්හි මෙහෙයුම් ස්ථාපිත කොට ඇමරිකා එක්සත් ජනපදය වෙත තීරුබදු රහිතව ඇඟළුම් අපනයනය කිරීමට අවස්ථාව හිමිවේ. එමඟින් ශ්‍රී ලාංකේය ව්‍යාපාරවලට ඇමරිකානු වෙළඳපොලේ සිය කොටස සැලකිය යුතු ලෙස පුළුල් කරගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment