රන්ජන් බා ගන්න සීතල යුද්ධයක්

331

රන්ජන් රාමනායක මහතා තම පක්ෂයට එක්කර ගැනීම සඳහා සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර සීතල යුද්ධයක් හටගෙන තිබේ.

රන්ජන් රාමනායක මහතා නිදහස් වූ වහාම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් හෙතෙම විදේශගත ශ්‍රමිකයන්ගේ සුබ සාධනය හා ප්‍රවර්ධනය සඳහා වන තානාපති ලෙස පත් කරනු ලැබීය. ස්වෙච්ඡා සේවයක් ලෙස ක්‍රියාත්මක වන වැරදි එම පත්වීම රන්ජන් රාමනායක මහතාට පිරිනැමීය. ඊට අමතරව එජාපයෙන්ද එක්වන ලෙස එම පක්ෂයෙන්ද තවත් ඉල්ලුම් ලැබෙන්නට පටන් ගෙන ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සජබ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වයට මන්ත්‍රී කණ්ඩාමේ රැස්වීමේ නියෝජනයට හා සජබ දූෂණ විරෝධී බළකායේ ප්‍රධානියා ලෙස ද රන්ජන් රාමනායක මහතා පත් කරන බව පෙරේදා (27දා) සඳහන් කළේය.

එහෙත් මේ කිසිම ඉල්ලීමක් ගැන රාමනායක මහතා දැනට කිසිවක් ප්‍රකාශ කර නැති අතර ඔහු ජනතාව විසින් ජනවරමක් දුන් මන්ත්‍රී ධුරය තමාට හිමිවිය යුතු බවට හා තමා හැමවිටම ජනතාවගේ පැත්තේ සිටගන්නා බවට අවධාරණය කර තිබේ.

එහෙත් රාමනායක මහතාට දේශපාලනයේ නිරතවීමට මෙතෙක් ප්‍රජා අයිතිය හිමිවී නැත.

දැනටමත් බොහෝ පාර්ශ්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත්තේ රන්ජන් රාමනායක මහතාට ලැබුණු සමාව අර්ථවත් වීමට නම් පුරවැසියකුට හිමිවිය යුතු ප්‍රජා අයිතිය ඔහුට ලබාදෙන ලෙසයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment