225 ම යවා ගෙන ආ යුත්තේ කුමක්ද?

159

මෙහි මුල් කොටස පසුගිය අඟහරුවාදා පළවිය

ප්‍රතිලාභ:

i) ‘දේශපාලන වෘත්තිකයන්’ විශාල වශයෙන් පාර්ලිමේන්තුවට පැමිණීමෙන් උත්තරීතර පාර්ලිමේන්තුවේ ගෞරවය පවත්වා ගනිමින් වෘත්තීය හැසිරීම් ඇති විනීත පුද්ගලයන් විසින් ‘රට පළමුව’ යන තේමාව යටතේ නිර්මාණාත්මක, සම්මුතිවාදී වාද විවාද පවත්වනු ඇත. (මෙම විනීත හා ආකල්පමය දැක්ම ස්වෛරී ඡන්දදායකයින්ගේ පරම අපේක්ෂාවකි.)

ii) ‘225’ ගේ ශාපය අහෝසි වනු ඇත!

iii) ‘බූරුවන්ගේ’ පක්ෂ ලැයිස්තුවලින් ‘අශ්වයන්’ තෝරා ගැනීමට සරල ඡන්දදායකයින්ට සිදු නොවේ.

iv) ‘අස්ථාවර ආණ්ඩුව,’ එල්ලුණු පාර්ලිමේන්තුව පැති මාරු ඩීල් දේශපාලනය සහ 2/3 බහුතරය වැනි යෙදුම් අදාළ නොවනු ඇත.

  1. පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනයට අවශ්‍ය % සහතික කිරීමට නම්, ඔවුන් අවසාන දිස්ත්‍රික්/ මැතිවරණ කොට්ඨාස කුසලතා ලැයිස්තුවල ඉහළින් ස්ථානගත කළ යුතු හෙයින්, කාන්තා අපේක්ෂිකාවන්ට නිශ්චිත ‘පූර්ව සම්මුඛ පරීක්ෂණ’ ලකුණු සංඛ්‍යාවක් NEC උපදෙස් අනුව එකතු කරන්න.

ප්‍රතිලාභය: නව ‘මිශ්‍ර ඡන්ද ක්‍රමය’ යටතේ සාක්ෂාත් කරගත නොහැකි වූ මෙම % දැන් යථාර්ථයක් වනු ඇත.

  1. පවතින සමානුපාතික (PR) නියෝජන ක්‍රමය/1978 ට පෙර පැවති ඡන්ද කොට්ඨාස (EPP) ක්‍රමය/මධ්‍යම සංචිත ක්‍රමය නිර්දේශ කරන පක්ෂවලට සමාන පිළිගැනීමක් ඇති වන සේ, NEC විසින් අදාළ පක්ෂවලට, තම අපේක්ෂකයින්ගේ නම් ඉදිරිපත් කිරීම සඳහා, පහත සඳහන් කර ඇති නාමයෝජනා ලැයිස්තුවලින් එකක් තෝරා ගැනීමට ඉඩ ලබා දීම මැනවි.

අ) මුල් PR ක්‍රමයට අනුව කුසලතා අනුපිළිවෙලින් දිස්ත්‍රික් ලැයිස්තුව (196).

ආ) EPP ක්‍රමයට අනුව මැතිවරණ කොට්ඨාස මට්ටමින් කුසලතා ලැයිස්තුව(160) (මෙහිදී, ආසන 196කට අවස්ථා ඇති බැවින්, විශාල මැතිවරණ කොට්ඨාස සඳහා අපේක්ෂකයින් වැඩි සංඛ්‍යාවක් පක්ෂ මගින් අනුයුක්ත කළ හැක.

ඇ) මධ්‍යම සංචිතය (ජවිපෙ විසින් පෙර භාවිතා කළ පරිදි.)

ප්‍රතිලාභ: i) එය EPP සහ PR යෝජකයින් පමණක් තෘප්තිමත් කිරීම සඳහා සංකීර්ණ අනුපාත ක්‍රමයක් අනුගමනය කරන ‘මිශ්‍ර ඡන්ද ක්‍රමය’ වෙනුවට සරල සහ නම්‍යශීලී විකල්පයකි. එම ක්‍රමය යටතේ ‘Over-hang’ ගැටලු නිසා ප්‍රතිඵල නිකුත් කිරීමේ ප්‍රමාදයන් ඇතිවී පාලනයකින් තොරව සභිකයන් සංඛ්‍යාවද දෙගුණ තෙගුණ විය.

ii) අදාළ සියලුම යෝජකයින්ට ඔවුන්ගේ අපේක්ෂාවන් සපුරාලීමට ඉඩ සැලසේ.

iii) නිශ්චිත ආසන සංඛ්‍යාව වෙනස් නොවේ.

  1. ජාතික ලැයිස්තු සාමාජිකයින් ද අපේක්ෂිත විශේෂ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා NEC විසින් දක්වා ඇති නිර්ණායක අනුව තෝරා ගත යුතුය.

5 සහ 6 ට සම්බන්ධ උප- යෝජනා

i) පක්ෂ විසින් තම ලැයිස්තුවලට කුසලතා අනුපිළිවෙළට පහළින් අමතර නම් කිහිපයක් එකතු කළ යුතු අතර මන්ත්‍රීවරුන් 196 ක් සඳහා වෙනම මූලික දිස්ත්‍රික්/ මැතිවරණ කොට්ඨාස කුසලතා නාම යෝජනා ලැයිස්තු සහ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 29 සඳහා වෙනම දිස්ත්‍රික් ලැයිස්තුවක් සකස් කළ යුතුය.

ii) මහජනතාවගේ විරෝධතා ඇත්නම්, නිශ්චිත දිනයකට පෙර ඒවාට ඉඩ දීම සඳහා NEC විසින් අවම වශයෙන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ජාතික පුවත්පත් 01ක් බැගින් ආවරණය වන පරිදි මූලික දිස්ත්‍රික් ලැයිස්තු ප්‍රසිද්ධ කළ යුතුය. අනතුරුව, ලියාපදිංචි කළ යුතු අවසාන ලැයිස්තු ඒවායේ නිවැරදි බව සහතික කරමින්, NEC හි ආදර්ශයන්ට අනුව අත්සන් කළ දිවුරුම් ප්‍රකාශනයන් සමඟ නාමයෝජනා දිනයේ හෝ ඊට පෙර පක්ෂ ලේකම්වරුන් විසින් ලියාපදිංචි කළ යුතුය.

iii) කිසියම් අඩුපාඩුවක් හෝ නුසුදුස්සන් නිරීක්ෂණය කරන්නේ නම්, තේරීම් භාර නිලධාරියාට එවැනි අපේක්ෂකයින් / නාමයෝජනා ලැයිස්තු ප්‍රතික්ෂේප කළ හැකිය.

iv) මැතිවරණයෙන් පසු නුසුදුසුකම් අනාවරණය වුවහොත්, මැතිවරණ පෙත්සම් මගින් ඒවා අදාළ අධිකරණයක් ඉදිරියේ අභියෝගයට ලක් කළ හැකිය. සියලුම නාමිකයින් NEC නිර්ණායකවලට අනුකූලව නම් කර ඇති බැවින්, අදාළ ලියාපදිංචි ලැයිස්තුවෙන් අවශ්‍ය පරිදි අපේක්ෂකයෙකු නම් කිරීමට ජයග්‍රාහී පක්ෂයට ඉඩ දීම සාධාරණ බව පෙනේ.

බර්නාඩ් ප්‍රනාන්දු
හිටපු නියෝජ්‍ය මහා කළමනාකරු –
ලංකා බැංකුව
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment