ගජමුතු හතරක් සමග හතර දෙනෙක් කොටු වෙති

339

මුලතිව් කැළයේ සිට කොළඹට රැගෙන යමින් තිබූ ගජමුතු හතරක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සැකකරුවන් හතර දෙනෙකු සමග අත්අඩංගුවට ගෙන 9 දා වවුනියාව පොලිසිය වෙත බාර දී තිබේ.

සැකකරුවන් තුන්  දෙනාගෙන් දෙදෙනෙකු ගජමුතු මුලතිව් ප‍්‍රදේශයෙන් මිලට ගෙන කොළඹට ප‍්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු වන අතර අනෙක් තැනැත්තා වාහනයේ රියදුරු වෙයි.

අත්අඩංගුවට පත් තුන්දෙනාගෙන් දෙදෙනෙකු මහව ප‍්‍රදේශයේ වන අතර අනෙක් තැනැත්තා නිකවැරටිය ප‍්‍රදේශයේ වෙයි.

මේ පිරිස මිලට ගන්නා ලද්දේ මෑතකදී මුලතිව් වැවක් අසලදී වෙඩි තබා ඝාතනය කරන ලද දළ ඇතාගේ ගජමුතු බව විශ්වාස කරන වවුනියාව පොලිසිය මුලතිව් පොලිසිය සමග එක්ව පරීක්ෂණ ආරම්භ කොට තිබේ. සැකකරුවන් තුන් දෙනා වවුනියාව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට වවුනියාව පොලිසිය පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment