සිරගත කළ නොහැකි ප්‍රේමය අවුරුදු විසිතුනකට පසු විවාහයෙන් එක්තැන් වෙයි

862

දෙමළ දේශපාලන සිරකරුවකු වශයෙන් වසර විසිතුනක් බන්ධනාගාරගතව සිටි පුද්ගලයකු ජනාධිපතිවරයාගේ පොදු සමාව යටතේ නිදහස් වී ගමට පැමිණ දින හතකින් විවාහ දිවියට ඇතුළත් වී තිබේ.

වවුනියාවේ පදිංචි ශක්තිවේල් ඉලංගේශ්වරන් නමැති අය මෙසේ විවාහ දිවියට ඇතුළත්ව ඇති අතර ඔහුගේ විවාහය සඳහා ආරාධනයකින් තොරව විශාල පිරිසක් මංගල පෙරහැරට සහභාගි වීමට පැමිණ තිබේ.

මේ පුද්ගලයා දේශපාලන සිරකරුවකු වශයෙන් බන්ධනාගාර ගතවීමට පෙර ඇති කරගෙන තිබූ ප්‍රේම සම්බන්ධතාවයේ ආදරවන්තිය ඔහු නිදහස ලබා පැමිණෙන තුරු බලා සිට ඇති අතර ඔහු නිදහස් වී පැමිණි වහාම ඇයව විවාහ කරගෙන තිබේ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment