යාපනයේ විදෙස් බලය ඇනහිටීමෙන් ගාල්ල හමුවේ දරුණු පරාජයක්

354

එල්පීඑල් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ සවස (13 වැනිදා) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් කඩුලු 7 ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ගෝල් ටයිටෑන්ස් කණ්ඩායම සමත් විය.

පසුගිය අවස්ථා තුනේදීම ශූරයන් බවට පත්වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරාජය කර ගාල්ල කණ්ඩායම මෙම ජයග්‍රහණය ලබා ගත් අතර තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා කණ්ඩායම ලකුණු 89 කට සීමා කිරීමට කසුන් රාජිත ප්‍රමුඛ ගාලු පන්දු යවන්නෝ සමත් වූහ.

එම ලකුණු සංඛ්‍යාව පන්දු වාර 13.3 කදී ඉක්මවා ගිය ගාලු ක්‍රීඩකයෝ එය මෙවර තරගාවලියේ තමන්ගේ 3 වෙනි ජයග්‍රහණය බවට පත්කර ගත්හ.

කසුන් රාජිත ලකුණු 20 කට කඩුලු 4ක් දවා ගත් අතර ලහිරු කුමාර සහ ටබ්‍රේශ් සම්ශි කඩුළු 2 බැගින් ලබා ගත්හ.

යාපනය කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 22 ක් ලබාගත් දුනිත් වෙල්ලාලගේය.

යාපනය කණ්ඩායමේ ප්‍රධාන පිතිකරණ බලාපොරොත්තු ලෙසින් සැලකෙන විදෙස් ක්‍රීඩකයන් වූ රහමනුල්ලා ගුර්බාස් ලකුණු 0 කටත්, ක්‍රිස් ලින් ලකුණු 4 කටත්, ශොයිබ් මලික් ලකුණු 0 කටත් සහ ඩේවිඩ් මිලර් ලකුණු 5 කටත් දැවී ගියහ.

ජයග්‍රාහී ගාල්ල කණ්ඩායම වෙනුවෙන් ලකුණු ලබා ගැනීමේ දී ටිම් සෙයිෆර්ට් ලකුණු 55 ක් ලබා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment