මාස 8 ක් ගිහිල්ලත් ගුරු උපදේශක සේවයේ ගැටලුව විසඳී නැහැ – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

51

ගුරු උපදේශකවරුන් 1982 ක පුරප්පාඩු ඇති බවට මීට පෙර තමා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළ බවත් එම පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවට මීට මාස කිහිපයකට පෙර අධ්‍යාපන ඇමැතිවරයා පොරොන්දු වූ නමුත් එය තවම ක්‍රියාත්මක වී නොමැති බවත් එසේම ගුරුවරුන් ගුරු උපදේශක තනතුරට පත්වීමේදී සිදුවන වැටුප් විෂමතාවක් ඇති බවත් මීට පෙරත් ඒ සම්බන්ධයෙන් අනාවරණය කළ බවත් එම ගැටලුව නිසා බොහෝ ගුරු උපදේශකවරුන් අදාළ සේවය භාර ගැනීම සිදුනොකරන බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්‍ෂ නායකවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී අධ්‍යාපනය පිළිබඳ ආංශික කාරක සභාව රැස්වූ අවස්ථාවේදී ගුරු උපදේශක සේවයේ ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කරමිනි.

ජනවාරි මාසයේ සිට මෙම ගැටලු මතු කළත් තවමත් විසඳුම් ලබානොදී සිටීමට හේතු කවරේද? යන්න සම්බන්ධයෙන් විමසා සිටි විපක්‍ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ මෙම ගැටලු විසඳීමට අදාළව නිශ්චිත කාල සීමාවක් ලබාදෙන ලෙස ද ඉල්ලා සිටියේය.

ගුරු උපදේශකවරයා ගුරුවරුන්ට වඩා ඉහළ තලයක සිටිනවා නම් ඔවුන්ගේ වැටුප් සහ වර්ධක වැඩි විය යුතු බවත් කිසිදු විෂමතාවක් ඇති නොවිය යුතු බවත් පැවසූ විපක්‍ෂ නායකවරයා කියා සිටියේ ආයතනික වශයෙන් ගුරු උපදේශකවරුන් සමග ගැටලුවක් ඇති නිසා මෙම ප්‍රශ්න විසඳීම පමා වෙන බවට සැකයක් ඇති බවද පැවසීය. එවැනි ගැටුම් ඇති කර නොගන්නා ලෙසත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ඉල්ලා සිටියේය.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment