හීත් ස්ටි්‍රක් අවසන් ගමන් යයි

368

සිම්බාබ්බේ හිටපු ක්‍රිකට් නායක සහ පුහුණුකරුවකු වූ හීත් ස්ටි්‍රක් ඊයේ (03 වැනිදා) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ වනවිට 49 වන වියේ පසු වූ මෙම තුන් ඉරියව් ක්‍රීඩකයා පිළිකා රෝගය හේතුවෙන් මරණයට පත්විය.

සිම්බාබ්වේ දේශය වෙනුවෙන් ක්‍රීඩා කළ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන හීත් ස්ටි්‍රක් ටෙස්ට් තරග 65 ක් හා එක්දින තරග 189 ක් ක්‍රීඩා කර තිබෙන අතර එරට වෙනුවෙන් ජාත්‍යන්තර කඩුලු 100 ක් දවා ගත් පළමු ක්‍රීඩකයා වේ. 2000 වසරේ සිට 2004 වසර දක්වා සිම්බාබ්වේ කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළ ස්ටි්‍රක් 2003 වසරේ ලෝක කුසලාන තරගාවලියේ සිම්බාබ්බේ කණ්ඩායමේ නායකයා ද වූයේය.

ටෙස්ට් හා එක් දින ජාත්‍යන්තර ලකුණු 4,933 ක් හා කඩුලු 445 ක් දවා ගැනීමට ද ස්ටි්‍රක් සමත් වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment