ශ්‍රී ලංකා යුද හමුදාවේ 73 වැනි සංවත්සරය අද

167

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 73 වන සංවත්සරය හා යුද්ධ හමුදා දිනය අදට (10දාට) යෙදී ඇත. යුද්ධ හමුදා සංවත්සරය සහ යුද්ධ හමුදා දිනය වෙනුවෙන් ආශිර්වාද පතා සංවිධානය කරනු ලබන සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී පසුගිය සිකුරාදා (07දා) පැවැත්විණි.

සංවත්සර දිනයට සමගාමීව මවුබිමේ ඒකීය භාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ගේ අමිල මෙහෙවර සිහිපත් කිරීමේ රණවිරු අනුස්මරණ උත්සවය බත්තරමුල්ල රණවිරු ස්මාරකය අබියසදී පසුගිය බ්‍රහස්පතින්දා (06දා) සන්ධ්‍යාවේ පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව 1949 වසරේ ඔක්තෝබර් මස 10 වැනිදා ආරම්භ කරන ලදී. 1949 අංක 17 දරන යුද්ධ හමුදා පනතට අනුව මහා බි්‍රතාන්‍යයේ බි්‍රගේඩියර් රොඩ්රික් සින්ක්ලෙයර්ගේ අණදීම යටතේ ලංකා හමුදාව සිය පළමු නිත්‍ය බළකාය පිහිටුවන ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගෙවීගිය වසර 73 ක සාඩම්බර ඉතිහාසයට යුද්ධ හමුදාධිපතිවරුන් 24 දෙනකු අණදීම සිදුකර ඇත.

චතුර පමුණුව
 

advertistmentadvertistment
advertistmentadvertistment