ස්මිත් සංගාගේ වාර්තාව පසුකර යයි

760

අවම ටෙස්ට් ඉනිම් සංඛ්‍යාවකින් ලකුණු 8000 සීමාව පසුකර යෑමේ කුමාර සංගක්කාරගේ ලෝක වාර්තාව තමන් සතුකර ගැනීමට ඔස්ටේ‍්‍රලියාවේ ස්ටීවන් ස්මිත් ඊයේ (24 වැනිදා) සමත්විය. ඒ පාකිස්තානය සමගින් ක‍්‍රියාත්මක දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ දිනයේදීය.

මීට පෙර අවම ටෙස්ට් ඉනිම් ගණනකින් ලකුණු 8000 සීමාව පසුකර යෑමේ වාර්තාවට හිමිකම් කීමට ශී‍්‍ර ලංකාවේ කුමාර සංගක්කාර සමත්වී සිටියේය. ඒ ටෙස්ට් ඉනිම් 152කදී ලකුණු 8000 සීමාව පසුකර යමින්ය. ඒ අනුව එම වාර්තාව ඊයේ බිඳ දැමූ ස්මිත් සිය 151 වැනි ටෙස්ට් ඉනිම කී‍්‍රඩා කරමින් ලකුණු 8000 සීමාව පසුකර යෑමට සමත්විය.

පාකිස්තානය සහ ඔස්ටේ‍්‍රලියාව අතර දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ දිනය නිමාවන විටදී සිය දෙවැනි ඉනිම කී‍්‍රඩා කරන පාකිස්තානය කිසිවෙකුත් නොදැවී ලකුණු 73ක් ලබා සිටියේය. ඒ අනුව ඔවුන් ජයග‍්‍රහණය සඳහා කඩුලූ 10ක් අතැතිව තවත් ලකුණු 278ක් පිටුපසින් පසුවේ.

advertistmentadvertistment
advertistmentadvertistment