20 ට සහාය දුන්  මු. කො. 3ක්  ආණ්ඩුවෙන් පනිති

194

මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු තිදෙනෙක් ඊයේ (20දා) සිට ආණ්ඩුවට සහාය දීමෙන් ඉවත් වන බව පාර්ලිමේන්තුවේදී කියා සිටියහ.

ෆයිසාල් කාසීම්, ඉෂාක් රහුමාන් සහ එම්. එස්. තවුසික් යන මෙම මන්ත්‍රීවරුන් තිදෙනා ඊයේ සිට ආණ්ඩුවට සහයෝගය ලබාදීමෙන් ඉවත් වන බව ෆයිසාල් කාසීම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයන් වන මෙම මන්ත්‍රීවරුන් තිදෙනා දිගාමඩුල්ල, අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලින් සමගි ජනබලවේගය පක්ෂය යටතේ තරග කර පසුගිය මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූහ.

මේ තිදෙනා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය දක්වමින් ආණ්ඩුවට එක්වූහ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment