බාර් එක කඩා එක බෝතලයක් උස්සයි

1224


මස්කෙළිය නඟරයේ ප්‍රධාන වීදියේ පිහිටි විදේශිය මත්පැන් හලක් ඊයේ (24) අළුයම කඩා එහි තිබූ මුදල් රුපියල් එක්ලක්ෂ තිස්එක්දාස් හයසීයක් හා දේශිය මත්පැන් බෝතලයක් සොරාගෙන ඇති බවට මත්පැන්හලේ කළමණාකරු විසින් මස්කෙළිය පොලීසියට පැමිණිළි කර ඇත.

පොලීසිය මගින් නගරයේ ආවේක්ෂණ කැමරා (CCTV) පරීක්ෂා කිරීමේදී එක් පුද්ගලයෙක් ඊයේ අළුයම 03.30 ට පමණ සීත කබායක් පැළඳ, මුහුණ ආවරණයක් යොදා පැමිණ රෙදිකඩකින් අත් ආවරණය කර ගනිමින් මත්පැන් හලේ අගුළු කඩා ඇතුල්වන අයුරු දර්ශන වල සටහන්ව ඇති බව පොලීසිය පවසයි.

සීසීටීවී දර්ශන හරහා පොලීසිය පරීක්ෂා කිරීමේදී සැකකරු මස්කෙළිය නගරයේ තපැල් කාර්යාල වීදිය හරහා නඟරයට ඉහළින් පිහිටි මස්කෙළිය වතුයායේ තේ කර්මාන්ත ශාලා මාර්ගයේ ගමන්කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment