ගෑස් සමාගම් දෙකට නඩු පැවරීමට නියෝගයක් ඉල්ලන පෙත්සම අද කැඳවයි

122

අනාරක්‍ෂිත ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ආනයනය කිරීමට හා බෙදාහැරීමට සම්බන්ධ ගෑස් සමාගම් දෙක ඇතුළු සියලූ වගකිවයුත්තන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට පියවර ගැනීමට නීතිපතිවරයාට හා පොලිස්පතිවරයාට නියෝගයක් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ රීට් ආඥා පෙත්සම සලකා බැලීම සඳහා අද (10දා) කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (09දා) නියෝග කළේය.

සමාජ ක‍්‍රියාකාරිකයකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ගොනුකර තිබූ එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු, විනිසුරු සම්පත් අබේකෝන් යන මහත්වරුන් හමුවේ ඊයේ (09දා)  කැඳවිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment