කන්දකින් වැටී තරුණයෙක් මරුට

317

ඇල්ලේ කඳු තරණයට ගිය විසි දෙක හැවිරිදි තරුණයකු ඇල්ල ගම්මානයට ඉහළ කන්ද තරණය කරද්දී කඳු මුදුනේ සිට ප්‍රපාතයකට ඇද වැටී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්වී ඇතැයි ඇල්ල පොලීසිය පැවසීය.මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ මොරගොල්ල, බේරුවල පදිංචිව සිටි විසි දෙක හැවිරිදි තරුණයෙකි.මිතුරකු සමග ඇල්ලවැල්ලවාය මාර්ගයේ පහළ ඇල්ල ගම්මානයට ඉහළ කන්ද තරණය කරමින් සිටියදී එක්වරම ලිස්සා ප්‍රපාතයකට ඇද වැටී මොහු මෙසේ බරපතල තුවාල ලබා වැල්ලවාය දිසාරෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිසිය පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment