ඉන්දීය සාගර සමුළුව අද ඇරඹේ

85

07 වන ඉන්දීය සාගර සමුළුව ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී අද ආරම්භ වීමට නියමිතය.ඉන්දියා පදනමේ සහ ඔස්ට්‍රේලියානු රජයේ ආරාධනයකට අනුව ඊට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (08) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය.“ස්ථාවර සහ තිරසර ඉන්දියානු සාගරයක් කරා” යන තේමාව යටතේ මෙවර සමුළුව අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.ඒ අනුව ඉන්දියානු සාගරය ආශ්‍රිත රටවල සහ එම සාගරය බහුලව භාවිත කරන සෙසු රටවලට බලපාන පොදු අභිලාෂ හා ගැටලු පිළිබඳ එහිදී සාකච්ඡා කෙරෙනු ඇත.මෙවර 7 වැනි ඉන්දීය සාගර සමුළුවේ ප්‍රධාන දේශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකිරීමට නියමිතව තිබේ.ඉන්දියානු සාගර කලාපීය සහයෝගීතාව වර්ධනය කරගැනීමේ අරමුණින් රටවල් 40ක ප්‍රධාන පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් මාර්ග සිතියමක් සකස් කිරීම ද මෙවර සමුළුවේදී සිදුකරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment