නිවසක් තුළ මළ සිරුරු දෙකක්

200

මිරිහාන ජුබිලි මාවත ප්‍රදේශයේ නිවසක් තුළ සැකසහිත ලෙස මියගිය යුවළකගේ සිරුරු හමුවූ බව පොලීසිය පවසයි.පොලිස් නිලධාරීන් ඊයේ එම නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී නිවසේ කාමරයක ඇඳක් මත දින කිහිපයකට පෙර මියගිය පිරිමි මළසිරුර හමුවී තිබේ.නිවසේ මුළුතැන්ගෙයි බිම නිරුවත් කාන්තා මළසිරුරක් ද තිබී ඇත.දින කිහිපයක් තිස්සේ එම නිවස පරිශ්‍රයෙන් දැඩි දුගදක් හමන බවට අසල්වැසියෙකු මිරිහාන පොලීසියට කළ දැනුම්දීමකට අනුව මෙම නිවස පරීක්ෂා කර තිබුණි. මියගොස් ඇත්තේ 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 96 හැවිරිදි කාන්තාවකි.ඔවුන් එම නිවසේ පදිංචිව සිටි අඹු සැමි යුවළක් බව පොලීසිය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment