බැසිල් දිවුරුම් දුන් පසු ස්වර්ණමය යුගයක් ඇති වෙනවා

283

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

 බැසිල් මහතාගේ ආගමනයත් සමග පක්ෂය තුළ ඇති සියලූ ප‍්‍රශ්න, ගැටලූ නිරාකරණය වනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා ‘දිවයින’ට ඊයේ (25 වැනිදා* පැවසීය.

 සියලූ අභියෝග ජය ගෙන කොවිඞ් අස්සේ ජනතාව ද රැුකගෙන රට ගොඩනඟන වැඩපිළිවෙළ රජය ඉදිරියටම ගෙන යන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

 මෙහිදී තවදුරටත් කතා කළ රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද කීය.

 බැසිල් මහතා පෞද්ගලික සංචාරයකට ගියේ. එතුමා පවුලේ පෞද්ගලික කාරණාවකට ගිහින් දැන් එතුමා ලංකාවට ඇවිල්ලයි ඉන්නේ. එතුමා කෙටි කාලයක් තුළ පොදුජන පෙරමුණ නිර්මාණය කළා. මැතිවරණ ජයග‍්‍රහණවලදිත් එතුමා පිටුපස ඉඳන් ශක්තිය දුන්නා. එතුමාගේ ආගමනයත් එක්ක පක්ෂයේ ප‍්‍රශ්න සියල්ලම විසඳෙයි කියලා හිතනවා. විපක්ෂය තාවකාලික වින්දනයක් ලබමින් ඉන්නවා අපේ පක්ෂය තුළ මත ගැටුමක් නිර්මාණය වෙයි කියලා. ඒවා හීන විතරයි.

 බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නාට පසු පක්ෂය තුළ ස්වර්ණමය යුගයක් ඇති වෙනවා. මේක විපක්ෂයට දරා ගන්න බැරිව දැන් මඩ ගගහා ඇවිදිනවා.

advertistmentadvertistment
advertistmentadvertistment