සිකුරු කටකයට ඔබට කොහොම ද?

5253

සිකුරා කටකයට පිවිසීම ද ග්‍රහ වළල්ල වටේ ගමන් කරන සිකුරාගේ එක් ලැගුම් ගන්නා ස්ථානයකි. එහෙත් මෙම ස්ථානය සිකුරාට මිතුරු ස්ථානයක් නොව, සතුරු ස්ථානයකි. කටකය සිකුරාට සතුරුය.

මෙම සතුරු ස්ථානයේ 2023.05.30 වැනි අඟහරුවාදා පැය 19 මිනිත්තු 40 ( සවස 07 මිනිත්තු 40) සිට 2023 ජුනි මාසය සම්පූර්ණයෙන්ම ද 2023 ජූලි මස 07 වැනි සිකුරාදා පාන්දර 04 පසුවී මිනිත්තුවේ 05 දක්වා ද කටක රාශියේ රැඳී සිටී.

එසේ කටක රාශියේ රැඳී සිටින සිකුරු 2023. 07.07 වැනි සිකුරාදා පාන්දර 04 පසුවී මිනිත්තු 05 ට සිංහ රාශියට ප්‍රවිෂ්ට වෙයි. එසේ සිංහ රාශියට ප්‍රවිෂ්ට වන සිකුරා 2023. 07.23 වැනි ඉරිදා අංශක 04 කලා 25 දී වක්‍ර භාවයට පත්වෙයි. එසේ සිංහයේ දී වක්‍ර භාවයට පත්වන සිකුරා 2023. 08.07 වැනි සඳුදා එම වක්‍ර භාවයෙන් මිදී නැවතත් 2023.08.07 වැනි සඳුදා උදේ 10 පසුවී මිනිත්තු 59 ට කටක රාශි ගතවෙයි. එසේ කටක රාශි ගතවන සිකුරා 2023. 08.31 වන බ්‍රහස්පතින්දා දින අංශක 18 කලා 21 දී වක්‍රවෙයි. එසේ වක්‍රවන සිකුරා 2023.09.04 වැනි සඳුදා අංශක 18 කලා 01 දී නිවෘත භාවයට පත්වෙයි. එසේ නවෘත භාවයට පත්වෙන සිකුරා 2023.10.02 වැනි සඳුදා පාන්දර 01 පසුවී මිනිත්තු 05 ට සිංහ රාශි ගතවෙයි.

මේ අනුව සිකුරා 2023. 05.30 වන අඟහරුවාදා දින පැය 19 මිනිත්තු 40 සිට 2023. 10. 02 වැනි සඳුදා දින පාන්දර 01 පසුවී මිනිත්තු 05 දක්වා සිකුරා කටක රාශියේ රැඳී සිටියි.

සිකුරා කටක ලග්නයට පිවිසීම මේෂ, වෘෂභ, මිථුන, කටක, කන්‍යා වෘශ්චික, ධනු සහ මීන යන ලග්න අට ට ශුභ දායකය. තුලා ලග්නයට මිශ්‍රඵල උදාකරයි. සිංහ මකර සහ කුම්භ යන ලග්න තුනට අශුභයි.

මේෂ:

ගෙදර දොර සැප පහසුව ඇතිවන ආකාරයට කටයුතු කර ගැනීමට ඉඩ ලැබේ. මවුට සැපවත් ජීවිතයක් ගත කිරීමට ලැබේ. සමාජයේ පිළිගැනීම ද ප්‍රසාදය ද ඇතිවේ.

වෘෂභ:

ප්‍රීති උත්සව බලන්නට ලැබේ. මිත්‍රයන්ගේ ආශ්‍රය ද උපකාර ද ලැබේ. ලියකියවිලි මගින් ප්‍රීතිය ඇතිවේ. අසල් වැසියන්ගේ හොඳ හිත ලැබේ. රැකී රක්ෂාවලට යහපත් කාලයක් නොවේ.

මිථුන:

ආලය පිළිබඳ බැඳීම් සඵල වේ. වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ ලැබේ. මුහුණේ අලංකාරය, ප්‍රීතිමත් ගතිය ඇතිවේ. ගෞරව සැලකිලි ලැබෙන කාලයකි. නිතර සිනා මුසු මුහුණු ඇතිවේ.

කටක:

ආදායම් හොඳින් ලැබේ. ආදායම වැඩිකර ගත හැකි මාර්ග ගැන කල්පනා වෙයි. සිතට මෙන්ම ගතට ද සැපවත්වේ. හොඳින් අවහිරකම් බාධා කරදර නැතිව කම් සැප සේවනයට ඉඩ ප්‍රස්ථාද ලැබේ.

සිංහ:

නොයෙක් ක්‍රමවලින් ගෙදර දොර කරදර වියවුල් මතුවිය හැක. අවි ආයුධ වලින් තුවාල සිදුවන්නට පුළුවන. ආදර බන්ධනයන් ඉතා රහසිගතව සුළු වශයෙන් පවත්වාගෙන යයි.

කන්‍යා:

හිතවතුන් සමග විනෝද ගමන් යෑමට ද චිත්‍රපට ආදිය බැලීමට ද අවස්ථාව සැලසේ. ස්ත්‍රීන් අතර ප්‍රසිද්ධ වේ. භාර්යාව සමග හෝ සහෝදරයින් සමග හෝ ආදරවන්තියක් සමග හෝ විනෝද ගමනක් යෑමට ඉඩ තිබේ.

තුලා:

ශුභා ශුභ මිශ්‍ර ඵල විපාක ලබාදෙන කාලයකි. නිශ්ඵල ලෙස මුදල් වියදම් කෙරේ. කේලාම් ඕපාදූප ඇතිකරන කාලයකි. දබර හෝ නඩුහබවලට අසුවුහහොත් පරාජයට පත්වෙයි. රැකී රක්ෂාවලට උනන්දුව අඩුවේ.

වෘශ්චික:

යහපත් කටයුතුවලින් ලාභ ප්‍රයෝජන ලැබේ. කරන උත්සාහයන්ගේ ප්‍රතිඵල ලැබේ. ගොවිතැන් ලාභ ලැබේ. සමහරවිට සුදුසු වයස නම් විවාහවීම, මංගල යෝජනා ඇතිවීම සිදුවිය හැකිය. පිං කිරීමට ආශාව ඇතිවේ.

ධනු:

අලංකාර වස්තු ලැබෙන කාලයකි. ස්ත්‍රී සැප ද ලැබේ. ශරීර සනීපය ඇතිවේ. සැප ලැබේ. ආදායම වැඩිවේ. ස්ත්‍රීන්ගෙන් උපකාර ද ලැබේ. බලාපොරොත්තු රහිත මාර්ගවලින් ලාභ ලැබේ.

මකර:

විවාහ වූ අයෙක් නම් භාර්යාවට අපල කාලයකි. ශෝකයක් කනගාටුවක් ඇතිවේ. ස්ත්‍රීන් නිසා නින්දාවක් හෝ අනතුරක් සිදුවිය හැක. ස්ත්‍රීන් සමග අවුල් ද පැන නඟී. ගෙදර අය සමග සාමදානය අඩුවේ. මුදල් හානි සිදුවේ.

කුම්භ:

ඇඳුම් පැලඳුම් හිඟවේ. නැතිනම් විනාශවේ. භාර්යාව සමග හෝ පවුලේ සිටින ස්ත්‍රීන් සමග ආරවුල් ඇතිකර ගන.ී ස්ත්‍රීන්ගෙන් කරදර ඇතිවෙන කාලයකි. අගෞරව ලැබේ. ධන හානි ඇතිවිය හැක. සතුරන්ගෙන් පරෙස්සම් විය යුතුය.

මීන:

අනුන්ගෙන් හොඳ, ප්‍රශංසා ලැබෙන කාලයකි. රේස් සූදු යන අයට විශේෂ ලාභ ලැබේ. දූ දරු ශිෂ්‍යයන් පිළිබඳ ප්‍රීතිය ගෙන දේ. වාසනාවන්ත කාලයකි. යහපත් කටයුතුවලට බැසීමට යහපත් කාලයකි. රාගාධික කාලයක් වේ.

සිකුරු කටකයට ඔබට කොහොම ද?

උපාලි ආරියරත්න,

දේශමාන්‍ය, ජ්‍යොතිර්විද්‍යා විභූෂණ,
ජ්‍යොතිෂවේදී, සුදර්ශන මාවත, අංක 26, දෙමටගොල්ල, උකුවෙල.
දු.ක. අංකය 0779179162

advertistmentadvertistment
advertistmentadvertistment