හැමදාම වේදිකාවට හොඳ ඉල්ලුමක් තිබුණා – සුගත් ශාන්ත මොරගහකුඹුර

138

සුගත් ශාන්ත මොරගහකුඹුර ශ්‍රී ලාංකේය වේදිකාවට තිළිණ කරනු ලබන අරුන්දතී මං මනමාලයි වේදිනා නාට්‍ය එළැඹෙන 07 වැනදා සවස 3.30 ට සහ 6.30 ට ලුම්බිණි රඟහලේ දී වේදිකා ගත කිරීමට නියමිතය. රූපා ගෝමස්, කුලසිරි මල්ලිකාරච්චි, රොෂාන් ජයසුන්දර, දිල්හාර ජයසිංහ, නිශාන්ත සම්පත් මේ සඳහා රංගනයෙන් දායක වන අතර සංගීත සමීර සුබසිංහ විසිනි. තම්මැන්නා ක්‍රියේෂන්ස් ඉදිරිපත් කරනු ලබන අරුන්දතී මං මනමාලයි වේදිකා නාට්‍ය ගැන එකී අධ්‍යක්ෂ සුගත් මොරගහකුඹුර සිනමාකලා වෙත ඒ ගැන මෙලෙස සඳහන් කළේය.

හැමදාම වේදිකාවට හොඳ ඉල්ලුමක් තිබුණා - සුගත් ශාන්ත මොරගහකුඹුර

● සුගත් නාට්‍ය කරුවෙක් වුණේ කොහොම ද ?

බොහෝ දෙනෙක් ට මෙන් ම මාව වේදිකාව මත සිට වූ මා ඉගෙන ගත්පාසලයි. මා ඉගෙන ගත්තේ මප/ කොත්මලේ ගැමුණුපුර විද්‍යාලයේ. එවකට එය කනිෂ්ඨ පාසලක්. කොත්මලේ අපි බහුතරයකට පහසුකම් තිබුණේ නෑ. එවකට සිටි ගුරුමණ්ඩලයෙන් මිස අපට කිසිදු සහය දෙන්නෙක් හිටියේ නෑ. මේ ගමන ආවේ මගේ උත්සාහයෙන්. අවශ්‍යතාවය උත්සාහය ඇතිනම් අනුන්ව කපා නොහෙළනවානම් ඕනෑම කෙනෙකුට තමන්ගේ ඉලක්කයන් වෙත ගමන් කළ හැකි බව මම එදත් අදත් මගේ දෙමාපියන් මෙන් විශ්වාස කරනවා.

● ලංකාවේ වේදිකා නාට්‍යයට ඉල්ලුමක් තියෙනවා ද ?

විශ්වාස කරන්න හැමදාමත් වේදිකාවට හොඳ ඉල්ලුමක් තිබුණා. 88, 89 භීෂණ කාලය හා පහුගිය කොරෝනා වසංගත කාලය නොසලකා හැරියා ම අනෙක් හැම කාලෙකම වේදිකා නාට්‍ය සඳහා ඉල්ලුමක් තිබුණා. නමුත් කාලෙන් කාලයට රැල්ලට එන නාට්‍ය නිර්මාණ වූ විට නාට්‍ය ක්ෂේත්‍රයේ යම් පසුබෑමක් ඇති වෙලා තියෙනවා. වර්තමානයේ කොළඹ කේන්ද්‍රීයව වේදිකා නාට්‍ය විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙමින් පවතිනවා. ඇතැම් නාට්‍ය සෑහෙන කාලයකට පසු නව නිර්මාණ ලෙස වේදිකාගත වන අයුරු දැකිය හැකිය. ඒවාටත් හොඳ ඉල්ලුමක් තිබෙන බව පේනවා. අවාසනාවකට සමාජ හා ආර්ථික රටාව හමුවේ විශාල නිෂ්පාදන පිරිවැයක් දැරීමට සිදුවීමත් ශාලාවලට අය කරන ගාස්තු එක ට එකක් ඉහළ යෑම තමයි තිබෙන ලොකුම ගැටලුව.

● ඔබේ අලුත් නාට්‍ය ගැන කතා කළොත් ?

මගේ අලුත්ම නාට්‍යය අරුන්දතී මං මනමාලයි මේ නාට්‍ය එළැඹෙන 06 වැනිදා තමයි ලුම්බිණි රඟහලේදී වේදිකාගත කෙරෙන්නේ. මම මීට පෙර මිනිස්සු හිත හොඳ මිනිස්සු, ගැට සහ මඩ විලංගුව සහ ධර්මිෂ්ටලා කියන වේදිකා නාට්‍ය ශ්‍රී ලාංකේය වේදිකාව වෙත ගෙනආවා. ඒවා දේශපාලන ප්‍රහසන ලෙස බහුතරයක් දෙනා හැඳින් වූවා.

ආදරයෙන් තොර කිසිම පුද්ගලයකුට කිසිම සමාජ කුලකයකට පවතින්න බැහැ. අරුන්දතී මං මනමාලයි ප්‍රහසනය තුළ දෙමාපිය දූ දරු අඹුසැමියන් පෙම්වතුන් පෙම්වතියන් අතර පවතින ප්‍රේමය ගැන කතා කළත් ඊට යටින් දිවෙන දේශපාලනික කතාවකුත් තිබෙනවා. මතුපිටින් දැක්වෙන කතන්දරය ඔබ අමන්දානන්දයට පත් කරාවි. ඒ අතරේ මෙහි කතා කරන සියුම් දේශපාලනික කතන්දරයකුත් තිබෙනවා.

හැමදාම වේදිකාවට හොඳ ඉල්ලුමක් තිබුණා - සුගත් ශාන්ත මොරගහකුඹුර

● ලංකාවේ කලාකරුවාට වර්තමානයේ ගෞරවය හා නිසි තැනක් තියෙනවා ද ?

කලාකරුවාට නිසි තැන ගෞරවයක් තියෙනවද නැද්ද යන්න පිළිබඳව ඒකාත්මික උත්තරයක් දෙන්නට අපහසුයි. කෙනෙකුගේ කීර්ති අපකීර්තිය ගෞරවය අගෞරව හිමිවන්නේ ඔහු හෝ ඇයගේ ක්‍රියාකලාපය මතයි. ඇතැමුන් වේදිකාව පුංචි තිරය හෝ වේවා රිදීතිරය වේවා රඟපාන චරිතයට අමතරව සැබෑ ජීවිතයේ එක් එක් චරිත රඟපාන්න ට ගොස් අනාථ වන අවස්ථාවන් මම දකිනවා. එහෙම බැලුවම කලාකරුවන් තම තමන්ගේ කීර්තිය ගෞරවය රැකගත යුත්තේ තමන් විසින්මයි. එය අන් කෙනෙකුට ලබාදිය නොහැකි බවත් අමතක නොකළ යුතුයි.

● නිරෝ

හැමදාම වේදිකාවට හොඳ ඉල්ලුමක් තිබුණා - සුගත් ශාන්ත මොරගහකුඹුර
advertistmentadvertistment
advertistmentadvertistment