ඖෂධ නියාමන අධිකාරියේ සිටි දූෂිත නිලධාරියෙක් MOH සේවයට දාලා – සජිත් කියයි

72

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සිදුවන සාධනීය ප්‍රගතිශීලී වෙනස්කම්වලින් නිවැරදි පිළිතුරු ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන නමුත් මෙහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ පුද්ගලයාගෙන් සිදු වූ අක්‍රමිකතා ගැන සැවොම දැන සිටියදීත් එම පුද්ගලයා නැවතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ MOH සේවයට ගොස් ඇති බවට වාර්තා වන්නේ යැයි විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) පැවසීය.

එවැනි අක්‍රමිකතා සිදු කළ අයකු එවැනි තනතුරකට පත් කිරීමක් සිදුවූයේ කෙසේද කියා ගැටලු සහගත බවත් එය මාතෘ සහ ළමා සෞඛ්‍යයට අදාළ ක්ෂේත්‍රයක් බැවින් ඔවුන්ට අසාධාරණයක් නොකරන ලෙසත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment