ශ්‍රී ලංකා මූල්‍ය අංශය රකින්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක්

72

ශ්‍රී ලංකා මූල්‍ය අංශයේ ආරක්ෂිත ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය (Sri Lanka Financial Sector Safety Net Strengthening Project) වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 150 ක් ලෝක බැංකුවේ විධායක මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ආරක්ෂිත ජාලයේ මූල්‍ය හා ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීම වෙනුවෙන් මේ මුදල ලබා දෙන බව මහා බැංකුව පවසයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය මූල්‍ය අංශයට සහාය වීම සඳහා ශක්තිමත් ආරක්ෂක දැල්වල අවශ්‍යතාව පවතින බවත් ආර්ථිකය සඳහා ස්ථාවර සහ විශ්වාසනීය බැංකු අංශයක් පැවතීම අත්‍යවශ්‍ය වන බවත් මහා බැංකුව තවදුරටත් කියයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment