හොර ස්ටිකර් ඇලවූ සමාගම් දෙකේ වැඩ කළ සුරාබදු නිලධාරීන් 9කට මාරුවීම්

381

ව්‍යාජ ස්ටිකර් යොදා මත්පැන් බෙදාහැරීම් සිදුකළ බවට චෝදනා එල්ල වූ ප්‍රධාන සමාගම් දෙකක රාජකාරී කළ සුරාබදු නිලධාරීන් 09 දෙනකුට ස්ථාන මාරුවීම් ලබාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව පෙරේදා (29 දා) කටයුතු කර ඇත.

බදු නිසි වේලාවට ගෙවීම පැහැරහැර ඇති ප්‍රධාන සමාගමක් සහ හිටපු ඇමැතිවරයකුට අයත් බව කියන සමාගමක රාජකාරී කරමින් සිටි නිලධාරීන් ස්ථාන මාරුකර එම ස්ථානවලට ස්ථිර නිලධාරීන් පත්කරන තෙක් අවට නිලධාරීන් වැඩ ආවරණය කිරීම සඳහා යොදවා ඇත.

මේ වනවිට සුරාබදු දෙපාර්තමේන්තුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ව්‍යාජ ස්ටිකර් යෙදූ බවට සැකකරන මත්පැන් බෝතල් රාශියක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, තවමත් ව්‍යාජ ස්ටිකර් යෙදූ මත්පැන් බෝතල් අත්අඩංගුවට ගනිමින් සිටින නිසා ස්ථිරවම අත්අඩංගුවට ගත් ප්‍රමාණයන් ප්‍රකාශ කළ නොහැකි යැයි සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා ‘දිවයින’ට පැවැසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment