අපරාජිත බව හෙටත් ස්ථීරයි: පාණ්ඩුවක් නොවන ආණ්ඩුවක් හදනවා – පොහොට්ටුවේ දෙවැනි සමුළුවේදී බැසිල් කියයි

269

සමාජ මාධ්‍යවලින් මඩ ගහන අයට පැමිණි විශාල පාක්‍ෂික පිරිස පිළිතුරු දුන්නා – මහින්ද

පාණ්ඩුවක් නොවන ආණ්ඩුවක් මීළඟ මැතිවරණයෙන් පසුව හදන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ (15දා) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන මහා සම්මේලනය අමතමින් පැවසීය.

තර්ජන මැද්දේ සම්මේලනයට සහභාගි වූ එම පක්‍ෂයේ පාක්‍ෂිකයන්ට ස්තුතිවන්ත වන බවත් බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය. බල්ලෙකුට ගලකින් පහර දුන් විට බල්ලා ගල දෙස බැලුවත් සිංහයකුට ගලකින් ගහපු විට සිංහයා ගල ආ දිශාව බලන ආකාරයට පොදුජන පෙරමුණත් බලන්නේ යැයි පැවසූ රාජපක්‍ෂ මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ මෙතෙක් කාලයට අපරාජිත පක්‍ෂයක් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියටත් අපරාජිත පක්‍ෂයක් ලෙස කටයුතු කරන බවයි.

සමාජ මාධ්‍ය යොදා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන මහා සම්මේලනයට මඩ ගැසූ අයට සම්මේලනයට සහභාගි වූ පාක්‍ෂිකයන් විසින් හොඳ පිළිතුරක් ලබාදී ඇති බව එම සම්මේලනයේදී අදහස් ප්‍රකාශ කරමින් හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

සමාජ මාධ්‍යවලින් කළ මඩගැසීම් තුට්ටුවකටවත් මායිම් නොකර අති විශාල පාක්‍ෂිකයන් පිරිසක් සම්මේලනයට පැමිණි බවද මහින්ද රාජපක්‍ෂ මහතා කීවේය.

එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment