තීරණය පක්‍ෂ ව්‍යවස්ථාවට පටහැනියි: නීති පියවර ගන්නවා – කොල්ලූරේ කියයි

460

කොමියුනිස්ට් පක්‍ෂයේ සභාපතිධුරයෙන් තමා ඉවත් කිරීමට පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණය පක්‍ෂ ව්‍යවස්ථාවට පටහැනි යැයි වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලූරේ මහතා දිවයිනට ඊයේ (24දා* පැවැසීය.

පළාත් සභා යටතේ පවතින පාසල් විවෘත කළ පසු සේවය සඳහා නොපැමිණෙන විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සම්බන්ධව විනය පරීක්‍ෂණයක් පවත්වා ඉන් ඔවුන් වැරදිකරුවන් වුවහොත් ඔවුනගේ වැටුප් පවා අත්හිටුවීමට පියවර ගන්නා බව තමා කළ ප‍්‍රකාශය පදනම් කරගෙන ඊයේ රැුස්වූ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව තමා ඉවත් කිරීමට හේතුවී ඇතැයි පැවසූ ආණ්ඩුකාරවරයා තමා එම ප‍්‍රකාශය කළේ වයඹ ආණ්ඩුකාරවරයා ලෙස මිස කොමියුනිස්ට් පක්‍ෂයේ සභාපතිවරයා ලෙස නොවේ යැයි පැවැසීය.

ඒ අනුව පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවට තමා සභාපතිධුරයෙන් ඉවත් කිරීමට පියවර ගත නොහැකි බව පැවසූ ආණ්ඩුකාරවරයා මේ සම්බන්ධව නීතිමය පියවර ගන්නා බවද කීවේය.

ආණ්ඩුකාරවරයා ලෙස තමා යම් ප‍්‍රකාශයක් කළේ නම් ඒ සම්බන්ධව තීරණයක් ගත හැක්කේ එම ධුරයට පත්කළ ජනාධිපතිවරයාට බවත් මෙම තුච්ච කි‍්‍රයාවෙන් හානි සිදුවන්නේ තමාට නොව පක්‍ෂයට බවත් රාජා කොල්ලූරේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

උපාලි ද සේරම්
 

advertistmentadvertistment
advertistmentadvertistment