Coming Soon!…. නිහැඬියාව බිඳින දමිත්…

344

මට දුන්න දුක් ගින්න, මගේ ප්‍රථම ආදරේ, සිතේ පෙම් පුරා, ආදරේ නෑ ආදරේ, මායිම් ගමේ, මේ අනන්ත රාත්‍රියේ, සුදු මූණ දැකගන්න වැනි ගීත හරහා ප්‍රසංග වේදිකාවේ දැවැන්ත පෙරළියක් ඇති කළ දමිත් අසංක කලකට පසුව ‘නුඹ ඉන්න’ ගීතයක් එළිදැක්වීමට සූදානම් වේ. බුද්ධික ජයවර්ධනයන්ගේ පදවැල්වලට චන්ද්‍ර ජොවෙල්ගේ සංගීතය මුසු වී නිර්මාණය වුණු මෙම ගීතය එළැඹෙන දෙසැම්බරයේ එළිදැක්වීමට සැරසේ.

යළිත් වතාවත් දමිත්ගේ හඬින් ඇසෙන්නේ තරුණියකට හිතින් ආදරය කරන තරුණයකුගේ කතාවක් ගැනය. මෙම ගීතය නිෂ්පාදනය කර ඇත්තේ එම්. බී. ප්‍රඩක්ෂන්ස් වෙනුවෙන් බුද්ධික ජයවර්ධනය. ඒ. එන්. එන්ටර්ටේ්‍රන්ට්මන්ට් හි නිර්මාණ අධ්‍යක්ෂ අනිල් ප්‍රසංග මෙම ගීතයේ මියුසික් වීඩියෝව නිර්මාණය සිදුකර ඇත.

Coming Soon!…. නිහැඬියාව බිඳින දමිත්…

කෝලම්කුට්ටම සහ මැස්සා ටෙලිනාට්‍ය හරහා මේ දිනවල ජනප්‍රිය රංගන ශිල්පිණියක් වූ කාවින්ද්‍යා දුල්ෂානි සහ නිරූපණයෙන් වගේම රේස් ටෙලිනාට්‍ය හරහා ජනප්‍රිය රංගන ශිල්පියෙක් වූ මනුල හේෂාන් මේ ගීතයට රංගනයෙන් දායක වී ඇත.

ගීතයේ මියුසික් වීඩියෝව නිර්මාණය කළ ඒ. එන්. එන්ටර්ට්‍රේන්ට්මන්ට් ආයතනයේ නිර්මාතෘ අනිල් ප්‍රසංග මහතා පැවැසුවේ මෙවැනි අදහසකි.

Coming Soon!…. නිහැඬියාව බිඳින දමිත්…

ඇත්තටම අපිට ඕනෑ වුණේ සාම්ප්‍රදායික මියුසික් වීඩියෝවක් නිර්මාණය කරන්න නෙමෙයි. ඒ නිසාම අපි දමිත් අසංක එක්ක කතාබහ කරලා ඔහු උපන් ගම වන වැල්ලවාය හඳපාන්ගල තමයි රූප රචනාව සිදුකළේ. ඇත්තටම මේක කාලෙකින් එන වෙනස්ම වැඩක්. දමිත් අසංක කාලෙකින් මේ ගීතයේ මියුසික් වීඩියෝවේ රංගනයේ යෙදෙනවා. ඇත්තටම මේ ගීතයට අපි මේ දර්ශන තලය හොයාගන්න අනෙක් විශේෂ හේතුව ටෙලිනාට්‍ය හෝ චිත්‍රපටවලට මේ දර්ශනතලය මුලින් භාවිතා කර නොතිබීම. මේ ගීතය අපි එළැඹෙන දෙසැම්බර් මාසයේ ජාතික රූපවාහිනියේ චාට් ෂෝ එකේ වගේම JYKAS යූ ටියුබ් නාලිකාව ඔස්සේ සමාජ මාධ්‍යවලට මුදාහැරීමට කටයුතු යොදා තිබෙනවා.

නිරෝෂන්

advertistmentadvertistment
advertistmentadvertistment