අවධානය ගිලිහුණු තැන අවදානමක්… – සිනමාහල් “ලොක් ඩවුන්”

98

සහය අධ්‍යක්ෂවරයකු” තිර රචකයකු ලෙස සිනමා ක්ෂේත්‍රයට පිවිසි සුනිල් ප්‍රේමරත්නගේ සිව්වැනි සිනමා නිර්මාණය වන “ලොක් ඩවුන්” මෙම මස 18 වැනිදා සිට රිද්ම මණ්ඩලය හරහා රටපුරා සිනමාහල්වලදී තිරගතවීමට නියමිතය. ඔහු මීට ප්‍රථම “ටවුමේ ඉස්කෝලේ -2018”” “වැලි පවුරු -2019”” “නිහඬ සෙවනැලි -2021” නමැති සිනමා පට ත්‍රිත්වය මෙරට සිනමා ප්‍රේක්ෂකයා වෙනුවෙන් තිළිණ කර තිබේ.

අවධානය ගිලිහුණු තැන අවදානමක්… - සිනමාහල් “ලොක් ඩවුන්”

පන්නිපිටිය නගරාසන්නයේ ජීවත් වන සමන්ත දේවප්‍රිය කොළඹ රජයේ කාර්යාලයක විධායක ශ්‍රේණියේ නිලධාරියකු ලෙස සේවය කරයි. ඔහුගේ බිරිඳ ලෝචනා දේවප්‍රිය වෛද්‍යවරියක් ලෙසින් සේවයේ නිරත වේ. ඔවුන්ගේ නිවසේ සමන්තගේ මව වන භද්‍රාවතීත්” අවුරුදු තුනක් වයසැති ඔවුන්ගේ දියණිය වූ සහනීත් සමගින් නිවසේ මෙහෙකාරිය වන කාන්ති ද සිටී. කාන්තිගේ පියාගේ අසනීප තත්ත්වයක් නිසා හදිසියේම ඇයට ගමේ යෑමට සිදුවේ. සිඟිති දියණියගේ වැඩකටයුතු භද්‍රාවතීට පැවැරෙන්නේ ඉන් අනතුරුවය. කොරෝනා වසංගතය තදින්ම ව්‍යාප්ත වූ කාලයක හදිසියේම මුළු රටම ලොක්ඩවුන් කිරීම හේතුවෙන්” ලෝචනාට දින කිහිපයක් රෝහලේ නැවතී සේවය කිරීමට සිදුවන අතර සමන්තට ද නිවසේ සිටම රාජකාරිය කිරීමට ද ඉඩ ලැබේ.

අවධානය ගිලිහුණු තැන අවදානමක්… - සිනමාහල් “ලොක් ඩවුන්”

තරමක සෙම අමාරුවක් නිසා විටින් විට උණ හට ගන්නා කුඩා සහනිට බෙහෙත් පෙවීමට භද්‍රාවතීට සිදුවේ. කෑම බීම දීමට අපහසු සහනිට පුරුද්දක් වශයෙන් ආහාර කැවීමේ දී හැංගිමුත්තන් සෙල්ලම් කිරීමට භද්‍රාවතීට සිදු වේ. මේ මොහොතේ සමන්තගේ වාහනය පැමිණෙන හඬ ඇසී ගේට්ටුව විවෘත කිරීමට භද්‍රාවතී පැමිණේ. භද්‍රාවතීට කුඩා සහනි ගැන මතකය මොහොතකට අමතක වෙයි. සහනි සැඟවීමට තැනක් සොයයි. රියැදුරුට තේ කෝප්පයක් පිළිගන්වා සහනිව බැලීමට කාමරයට යන භද්‍රාවතී දකින්නේ ඇය සයනය මත පොරවාගෙන නිදා සිටි ආකාරයයි.

අවධානය ගිලිහුණු තැන අවදානමක්… - සිනමාහල් “ලොක් ඩවුන්”
අවධානය ගිලිහුණු තැන අවදානමක්… - සිනමාහල් “ලොක් ඩවුන්”

සමන්ත මවගෙන් දියණිය පිළිබඳව විමසීමේ දී බෙහෙත් පෙවීම නිසා ඇය නිදි බව පවසයි. පැය තුනකට ආසන්න කාලයක් රාජකාරී කටයුතුවල නිරත වන සමන්ත සිය මවට දියණිය අවදි කරවන ලෙස පවසන අතර කාමරයට යන භද්‍රාවතී දකින්නේ ඇඳ මත ටෙඩිබෙයාර් කෙනෙකු සතපා පොරවා ඇති බවයි. නිවසේ සෑම තැනම සෙව්වද දියණිය හමු නොවෙයි. ලෝචනාව ද නිවසට ගෙන්වා දැරියගේ අතුරුදන්වීම ගැන පොලිසියට ද දන්වයි. ඇත්ත වශයෙන්ම කුඩා දැරියට සිදු වූයේ කුමක් ද?. ඉතාමත් තදින් ලොක්ඩවුන් නීතිය ක්‍රියාත්මක වන අවදියක ඇය සොයා ගැනීමට හැකි වන්නේ ද?

මේ පිළිබඳව ඔබේ හිතට නැගෙන ගැටලු නිරාකරණය කර ගැනීමට හැකිවනුයේ 18 වැනිදා සිට රිද්ම මණ්ඩලයේ තිරගත වන ලොක්ඩවුන් සිනමා නිර්මාණය නැරඹීමෙන්ම පමණි‘

රොෂාන් රණවන” චුලක්ෂි රණතුංග” අශ්ලි ලියානා (ළමා)” කුමාර තිරිමාදුර” මීනා කුමාරි” ගයනා සුදර්ශනී” සහන් විජේසිංහ” කුමාර වඳුරැස්ස” කුසල් මධුරංග” ධනංජි තාරුකා” උදය කුමාරි රණසිංහ” රාජිත රුද්‍රිගෝ ර්‍ණ ජයරත්න ගලගෙදර” කපිල සිගේරා” හිරුණි රණසිංහ” රාධිකා තිළිණි ගුණවර්ධන” ආනන්ද ගමගේ” උපුල් නිශාන්ත” නීල් සංජීව” කීර්ති රංජිත් පෙරේරා” ප්‍රියංකා ගුණවර්ධන” ඈන් මිනෝෂි” සුදේශ් ශිරන්ත” රෝෂිණී දිසානායක” වත්සලා නිසංසලා ඇතුළු රංගන ශිල්පීන් රැසක් මේ සඳහා රංගනයෙන් දායක වී ඇත.

අවධානය ගිලිහුණු තැන අවදානමක්… - සිනමාහල් “ලොක් ඩවුන්”

මෙහි කතාව දෙබස්” තිර රචනය සහ අධ්‍යක්ෂණය සුනිල් ප්‍රේමරත්න වන අතර සියලු බරපැන දරා ඇත්තේ සංගීත් අල්ගම සමග නීල් සංජීව විසිනි. ලොක්ඩවුන් ඉදිරිපත් කිරීම එස්. 3 මූවී ක්‍රියේෂන් වන අතර සුනිල් ටී. ෆිල්ම්ස් බෙදාහැරීමකි. ආලෝකකරණය සහ කැමරා අධ්‍යක්ෂණයෙන් – සිසිකිරණ පරණවිතාන” සංගීත අධ්‍යක්ෂණය – විශාරද දර්ශන වික්‍රමතුංගගෙනි. ගීත ප්‍රබන්ධනය – ෂමිලා හුසේන්” ගීත ගායනය – විශාරද සුනිල් එදිරිසිංහ සහ ශශිකා නිසංසලා විසිනි. සම්බන්ධීකරණය හා විධායක නිෂ්පාදන – ලංකා ධර්මවික්‍රම” සහාය අධ්‍යක්ෂණය සම්පත් රත්නායක” සංස්කරණය සහ වර්ණ සංයෝජනය – ශාන් අල්විස් (ෂා ස්ටුඩියෝ ) අංග රචනය – ප්‍රියන්ත ඊශ්වර” කලා අධ්‍යක්ෂණය සහ ඇඳුම් නිර්මාණය – උපාලි උදයසිරි” පසුතල නිර්මාණය – කුමාර ඩී. රාහුබද්ධ” ශබ්ද සංකලනය – සශින් ගිම්හාන් පෙරේරා” දෘශ්‍ය ප්‍රයෝග සහ හඬ පටිගත කිරීම – තනුෂ්ක කහඳවල” නිශ්චල ඡායාරූප – හසිත නිළුපුල් ර්‍ණ බී.ඒ. චේතිය ළහිරු සංගීතය පටිගත කිරීම හා සඳරු ගමගේ (සේජ් ස්ටුඩියෝ)” ඩ්‍රෝන් කැමරා හැසිරවීම – තීක්ෂණ තිසර” මධුරංග පෙරේරා පොලිස් ඇඳුම් සහ උපකරණ සැපයීම – කීර්ති රංජිත් පෙරේරා” ජගත් මල්දෙනිය” ශබ්දාගාර පහසුකම් – සරවුන්ඩ් හවුස්” ආර්ක් සිනේමා ආලෝක උපකරණ සැපයීම – වීඩියෝ ප්‍රේම් සිනමා” කැමරා උපකරණ සැපයීම – මූවි ටෙක් ෆයින් විෂන් විසින් සිදුකර ඇත.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment