කුඩු වැටලීමට ගිය එස් ටී එෆ් දෙදෙනාට අතින් පයින් පොලු හා ආයුධයකින් ගහලා

730

කතුන් 2ක් ඇතුළු 4ක් දැලේ

පීසී ලා 2ක් රෝහලේ

රඹුක්කන, තිස්මල්පොල ප්‍රදේශයේ මත්කුඩු වැටලීමක් සඳහා ගිය නාරම්බැද්ද පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට අතින් පයින්, පොලුවලින් හා තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කළ බව කියන සැකකරුවන් දෙදෙනකු ඇතුළු සිවුදෙනකු පෙරේදා (23 දා) අත්අඩංගුවට ගත් බව රඹුක්කන පොලිසිය පවසයි.

තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

අත්අඩංගුවට ගත් සිවුදෙනා අතර සැකකාරියන් දෙදෙනකු ද සිටින බවත්, මෙම සියලුදෙනා අවුරුදු 25 ත් 59 ත් අතර වයසේ පසුවන රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment