අයිපීඑල් ෆයිනල් අද

90


ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (29) දිනයේ පැවැත්වීමට නියමිතය.

එම අවසන් තරගය ඊයේ (28) පැවැත්වීමට නියමිතව තිබුණ ද තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගය පැවැත්වීම අත්හැර දැමිණ.

චෙන්නායි සුපර් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතර අවසන් මහ තරගය පැවැත්වෙන අතර තරගය අද පස්වරු 07.30ට අහමදාබාද්හිදී පැවැත්වෙනු ඇත.

මෙවර අයිපීඑල් ශූරයන්ට ඉන්දීය රුපියල් කෝටි 20ක මුදලක් පිරිනැමෙන අතර එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 70කට අධික වන අතර අනුශූරයන්ට ඉන්දීය රුපියල් කෝටි 13ක මුදලක් පිරිනැමෙන අතර එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 45කට අධිකය.

advertistmentadvertistment
advertistmentadvertistment