වයඹ ගවයන්ට පිට පළාත් තහනම්

133


වයඹ පළාතේ ගවයන් අතර සීග්‍රයෙන් පැතිර යන වෛරස් රෝගයක් පාලනය කිරීම සඳහා වයඹ පළාතෙන් වෙනත් පළාත්වලට ගවයන් ප්‍රවාහනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

ගවයන්ගේ සම ආශ්‍රිතව ඇතිවන මෙම වෛරස් රෝගය මේ වනවිට වයඹ පළාතේ පිහිටි පශු වෛද්‍ය නිලධාරි කොට්ඨාස 46 න් 34 කටම පැතිර ගොස් ඇති බව වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටී.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන රෝගය පාලනය කිරීමේ අරමුණින් ඉහත තීරණය ගත් බවද එම සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment