කෝටිපති මැණික් මුදලාලි හරක් මරලා – ගව ඝාතකාගාරය වටලයි

2163

හිටපු ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් මුදලාලි බේරගන්න බලපෑම් කරලා

ලක්‍ෂ තුනකුත් අතමිට මොළවන්නත් හදලා

කෝටිපති මැණික් ව්‍යාපාරිකයකු විසින් වැලිපැන්න ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී ගව ඝාතකාගාරයක් වැටලූ වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය එම මැණික් ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනකු පෙරේදා (26 වැනිදා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

සොරා ගන්නා ලද මී ගවයන් 13 දෙනෙකු ඝාතනය කිරීම සඳහා සූදානම්කර සිට ඇති අතර එම සතුන් ද පොලිස් නිලධාරීන් විසින් බේරාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් කෝටිපති මැණික් ව්‍යාපාරිකයා බේරාගැනීමට හිටපු ජනාධිපතිවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු පොලිස් නිලධාරීන්ට දැඩි බලපෑම් එල්ල කර ඇත.

එම බලපෑම් හමුවේ නොසැලී කටයුතු කළ පොලිස් නිලධාරීන්ට රුපියල් ලක්‍ෂ 3ක අල්ලස් මුදලක් ඒ මොහොතේම ලබාදී බේරී යෑමට මැණික් ව්‍යාපාරිකයා දැඩි උත්සහයක් ගත්ත ද එය ද ව්‍යාර්ථ වී තිබේ.

පොලිසියට බලපෑම් කළ හිටපු ජනාධිපතිගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දේශපාලනඥයකු බවද වාර්තා වෙයි.

පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහ මහතාට ලැබුණු ඔත්තුවකට අනුව පෙරේදා අලුයම මෙම වැටලීම කර තිබිණි.

වැලිපැන්න පොලිසියට මීටර් 800ක් පමණ ආසන්නයේ පිහිටා තිබූ මෙම හොර හරක් ඝාතකාගාරය දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇත්තේ ඇතැම් පොලිස් නිලධාරින්ගේ ද ආශිර්වාදය මැද්දේ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

සැකකරුවන් අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මෙම ගව ඝාතනාකාගරය පවත්වා ගෙන ගිය මුස්ලිම් ජාතික මැණික් ව්‍යාපාරිකයා සංවිධානාත්මක කණ්ඩායමක් යොදාගෙන තිස්සමහාරාම, හම්බන්තොට ඇතුළු ප්‍රදේශ ගණනාවකින් මීගවයින් සොරාගෙන දක්‍ෂිණ අධිවේගී මාර්ග ඔස්සේ එම සතුන් ප්‍රවාහනය කර වැලිපැන්න ගව ඝාතකාගාරය වෙත රැගෙන එන බව විමර්ශනවලින් හෙළිවී ඇත.

දේශපාලනඥයන් ඇතැම් උසස් පොලිස් නිලධාරීන් සමග සමීප සබඳතා පවත්වාගෙන යමින් මොහු මෙම ජාවාරම දීර්ඝ කාලයක සිට කරගෙන ගොස් ඇති බවද පොලිසිය පවසයි.

පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි උදය කුමාර මහතාගේ උපදෙස් මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙය වීමෙන් උපපොලිස් පරීක්‍ෂක රත්නායක සුපුන් සැරයන්වරුන් වන (51068) පුෂ්පකුමාර (92908) ඉෂාන්, (104555) ලතීෂ (104679) නිරංජන් (105059) ප්‍රසන්න කොස්තාපල් රියැදුරු (94734) රුද්‍රිගු ඇතුළු නිලධාරීහු විමර්ශන පැවැත්වූහ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment