මහජන බැංකුව ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා People’s mPOS ගෙවීම් ක්‍රමවේදය හඳුන්වා දෙයි

98

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට කාඩ් පත් ගෙවීම් පිළිගැනීමේ හැකියාව ලබා දෙමින්, මහජන බැංකුව සිය නව People’s Mobile Point of Sale (People`s mPOS) පහසුකම හඳුන්වා දෙයි.

මෙම අති නවීන තාක්‍ෂණය හඳුන්වා දීමත් සමඟ වෙළෙඳුන්ට People’s mPOS උපාංගය භාවිතයෙන් කාඩ්පත් ගෙවීම් සිදුකිරීමේ හැකියාව සැලසෙන අතර, එමඟින් ඔවුනට සිය පාරිභෝගික ජනතාව වෙත පහසු හා කාර්යක්ෂම සේවාවක් පිරිනැමීමට හැකිවේ.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සහ ක්ෂුද්‍ර මට්ටමේ ව්‍යාපාරවල අවශ්‍යතා සපුරාලීම සඳහා ම නිර්මාණය කර ඇති මෙම People’s mPOS විසඳුම ඔස්සේ පාරිභෝගික ජනතාව වෙත පුළුල් පරාසයක් තුළ භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් හැකියාවක් සහතික කරමින්, Visa,MasterCard සහ Lanka Pay JCB කාඩ් පත් මඟින් ගනුදෙනුකිරීමේ හැකියාව වෙළෙඳුන් වෙත ලබා දෙයි.

People’s mPOS පහසුකමේ ප්‍රධානතම වාසියක් වන්නේ සාම්ප්‍රදායික කාඩ් පත් සේවාවන්ට සාපේක්ෂව ව්‍යාපාරික ආයතන වෙතින් අවම කොමිස් මුදලක් අය කිරීමයි. එමෙන් ම වෙළෙඳුන්ට අවම ලියකියවිලි හරහා ඉතා පහසුවෙන් ලබා ගත හැකි මෙම ගෙවීම් විසඳුම සතු නම්‍යශීලී භාවය නිසා ඕනෑ ම තැනක සිට ඕනෑ ම වේලාවක කාඩ්පත් ගෙවීම් භාර ගැනීමේ හැකියාව වෙළෙඳුන්ට හිමිවේ.

මහජන බැංකුවේ mPOS යන්ත්‍රයෙහි තවත් විශේෂත්වයක් වන්නේ ග්‍රෑම් 75 ක් වැනි සැහැල්ලු බරකින් සහ සහ 89.7mm x 59mm x 14.8mm (LxWxH) යන මිනුම් ප්‍රමාණවලින් යුත් අතේ ගෙන යා හැකි කුඩා ප්‍රමාණයේ උපකරණයක් වීමයි. එමෙන් ම මෙම උපාංගය නැවත ආරෝපණය කළ හැකි බැටරියකින් සමන්විත වන අතර, එය සතු ස්වයංක්‍රීය පියවීම් විශේෂාංගය මඟින් මූල්‍ය ක්‍රියාවලිය විධිමත් කරමින් අදාළ මුදල් ඊළඟ වැඩ කරන දිනයේ දී වෙළෙන්දාගේ ගිණුමට මුදල් බැර කිරීම සහතික කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment