දුප්පත් සේවකයන්ගේ මුදල් ආණ්ඩුවේ වැඩවලට යොදාගන්න හදනවා – ආචාර්ය හර්ෂ ද සිල්වා

215

පුද්ගල නිදහස හා නීතිය ශක්තිමත් කිරීම සඳහා ජාතික ආරක්‍ෂාවට හානි නොවන ආකාරයට සෑම කි‍්‍රයාමාර්ගයක්ම ගන්නා බව අධිකරණ ඇමැති අලි සබි‍්‍ර මහතා ඊයේ (10 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එමෙන්ම ජනතාවට විශ්වාසවන්ත, කාර්යක්‍ෂම හා ලාභදායී ක‍්‍රමවේදයකින් තම ප‍්‍රශ්න හෝ ආරවුල් විසඳා

ගැනීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ඇති කරන බව ද ඇමැතිවරයා කියා සිටියේය.

වේත‍්‍රධාරී නරේන්‍ද්‍ර ප‍්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (10 දා) පෙරවරු 10ට රැස්විණි.

ප‍්‍රථමයෙන් ලිපි ලේඛනාදිය, වාර්තා පෙත්සම් ඉදිරිපත් කිරීමෙන් පසුව මන්ත‍්‍රීවරු විසින් වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් විමසා තිබූ ප‍්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ.

අනතුරුව 27(2) යටතේ විශේෂ ප‍්‍රකාශ ද ඒවාට පිළිතුරු ද සැපයීමෙන් පසුව අපරාධ නඩු විධාන සංග‍්‍රහය (සංශෝධන) පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීමේ පනත් කෙටුම්පත, අධිකරණ සංවිධාන (සංශෝධන), සිවිල් නඩු විධාන සංග‍්‍රහය (සංශෝධන), පළාත් සභා (මුද්දර

ගාස්තු මාරු කිරීම) යන පනත් හා රෙගුලාසි සම්බන්ධයෙන් දෙවැනි දිනටත් විවාදය ඇරඹිණි.

වරාය සංවර්ධන ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා –

අධිකරණ පද්ධතිය ගැන පුළුල් අත්දැකීමක් ඇති අයෙක් ලෙස මෙම වසර කිහිපය තුළ විශාල මෙහෙවරක් කරමින් සිටිනවා. මේ වනවිට නඩු විශාල වශයෙන් කල් යනවා අපි දකිනවා. නඩුවක් පවරලා ඇතැම් විට වසර 30, 35 ගතවෙනවා තීන්දුව එන්න. එක්කෝ පැමිණිලිකරු මැරිලා, නැත්නම් විත්තිය මැරිලා. සමහර විට ඒ වන විට ඒ අයට නඩුව වැඩක් නැති වෙන්නත් පිළිවන්. ඒ නිසයි මේ නඩු ඉක්මන් කරන්න කමිටුවක් පත් කළේ.

කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත (ශ‍්‍රීලපොපෙ) –

අපරාධ නඩු ප‍්‍රමාදය වැළැක්වීම සඳහා එම සංශෝධන ගෙනවිත් තිබෙනවා. නඩු කල් යෑම නිසා වැරදිකරුවන්ට බේරී යෑමට යම් ඉඩකඩ ලැබෙනවා. මෙම සංශෝධන තුළින් නඩු ප‍්‍රමාදය වළක්වා ගත හැකි වෙයි.

දිනපතා අපරාධ නඩු විමසීම පිළිබඳව යළි සාකච්ඡුාවට බඳුන් කළ යුතුයි. මහාධිකරණවල විනිසුරුවන් ප‍්‍රමාණය වැඩි කිරීම මගිනුත් අපරාධ නඩු කල්යෑම යම් ලෙස අඩු කළ හැකියි.

නීතියේ අධිපත්‍යය යන වචන මතුරමින් සිට වැඩක් නැහැ. එය තහවුරු කළ යුතුයි. නීතියට තියෙන බය සමාජයේ අඩුවෙනවා. එය නැති කර නීතිය කඩිනමින් ක‍්‍රියාත්මක වන පරිසරයක් ඇති කළ යුතුයි. මෙම සංශෝධනත් ඊට ඉවහල් වෙයි.

පත්කළ මන්ත‍්‍රී සාගර කාරියවසම් මහතා (ශ‍්‍රීලපොපෙ) –

ඉක්මනින් නඩු විසඳීමේ ක‍්‍රියාවලියකට යෑමට වාණිජ මහාධිකරණ අසමත් වී තිබෙනවා. අධිකරණ ඇමැතිවරයා ප‍්‍රමාදය වැළැක්වීමට පියවර ගනිමින් සිටිනවා. නඩු විභාග කඩිනම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණවල විනිසුරු සංඛ්‍යාව පසුගිය කාලයේ අපි වැඩි කළා. ඒ තීරණය තුළින් ඇත්තටම අරමුණු ඉටු වුණාද කියා සොයා බැලිය යුතුයි.

පසුගිය ආණ්ඩුව සමයේදී අධිකරණ ක‍්‍රියාවලිය පහත් තත්ත්වයට වැටුණා. මන්ත‍්‍රීවරු අධිකරණ විනිසුරුවරුන් සමඟ නඩු තීන්දු ගැන කතා කළ බව රටම දන්නවා. අධිකරණ ? දොළහ දක්වා ඇරලා තියලා විරුද්ධවාදීන්ට දඬුවම් කරන්න ක‍්‍රියා කළා.

කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා (සජබ) –

රටේ ආර්ථිකය ගැන විපක්‍ෂ නායකවරයා 27/2 යටතේ ප‍්‍රශ්නයක් අහලා දවස් ගාණක් වෙනවා. තාම මුදල් ඇමැතිවරයා උත්තර දුන්නේ නැහැ.

පසුගියදා සේවක අර්ථසාධක අරමුදලට විදින්න ආණ්ඩුව උත්සාහ කළා. අපි ඒ ගැන රටට හෙළි කළා. මේ ගැන ආණ්ඩුව කළ ප‍්‍රකාශය සම්පූර්ණ වැරදියි. පසුගිය ආණ්ඩුව ගෙන ආ එකක් කියලා කිව්වා. කවුරුත් ඇමැතිවරු මේ

ගැන උත්තර දෙන්නේ නැහැ.

අතීතයට බලපාන පරිදි සමාගම්වලින් බදු අයකිරීමට

ගැසට් පත‍්‍රයක් ගැහුවා. එය සමාගම් පනතට පටහැනියි. මුදල් ඇමැතිවරයාගේ අදහසකට අනුව සේවක අර්ථසාධක අරමුදලට අදාළ ප‍්‍රකාශය මුදල් අමාත්‍යාංශය නිකුත් කළා.

අර්ථසාධක අරමුදලට බදු පනවා තිබෙනවා. එහෙත් අධිභාර බද්දක් මෙතෙක් කවුරුවත් පැනවූයේ නැහැ. අද ආණ්ඩුව පනවා ඇත්තේ ලාභය මත බද්දක්. මේ දුප්පත් සේවකයන්ගේ මුදල් කඩා ගැනීමක්. ආණ්ඩුවේ වැඩ ලක්‍ෂයක් වැඩපිළිවෙළට අවශ්‍ය මුදල් ලබා ගන්නයි මේ බදු පනවා තිබෙන්නේ.

අපි අධිභාර බද්දට සම්පූර්ණයෙන් විරුද්ධයි. මේ ගැසට් එක ඉල්ලා අස්කර ගන්න නැතිනම් අපි ජනතාවත් සමඟ ඊට විරුද්ධව පාරට බහිනවා.

දිවා ආහාර විවේකය සඳහා පාර්ලිමේන්තුව දහවල් 12.30 සිට 01.30 දක්වා කල් තැබිණි.

අජිත් රාජපක්‍ෂ මහතා මූලාසනයට පැමිණේ

කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී පේ‍්‍රමනාත් දොලවත්ත මහතා (ශ‍්‍රීපොපෙ)

මේ සංශෝධන පනත් කෙටුම්පත සිදුවිය යුත්තක්. අපේ ආණ්ඩුව අද එය ඉදිරිපත් කරලා තිබෙනවා. ප‍්‍රායෝගික නොවන නීතිය ප‍්‍රායෝගික ලෙස යොදා

ගැනීම පිළිබඳ අපට සතුටු විය හැකියි. ප‍්‍රමාද වී ලැබෙන නඩූු තීන්දුවලින් පලක් නැති බවට ඔප්පු වෙලා තිබෙනවා. මේ සංශෝධන මගින් නඩු ප‍්‍රමාදය අවම කිරීමට හේතු වෙනවා කියා කිව යුතුයි. අද සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වර්ජනයක් කි‍්‍රයාත්මකයි. ඒ අයට හොඳ වැටුපක් ලැබෙද්දී මේ වසංගතය දඩමීමා කරගෙන වෘත්තීය කි‍්‍රයාමාර්ග අනුමත කරන්න බෑ.

කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක මහතා (සජබ) –

සමාජ සාධාරණය ඉෂ්ට වන ලෙස බදු අය කර ගත යුතු වුවත් එය මේ රට තුළ කි‍්‍රයාත්මක වෙන්නේ, වක‍්‍ර බදු සියයට 83යි. ඒ නිසා රටේ ආදායම් පිළිබඳ විශාල අර්බුදයකට ලක් වෙලා. අද අපට ඩොලර් හිඟයි. ඒ වගේම රුපියල් හිඟ වීමේ දැවැන්ත ආර්ථික අර්බුදයක් තිබෙනවා. රජයට බැංකු පද්ධතිය විසින් ණය ලබාදී තිබෙනවා. සියයට 51.2ක්ම ආණ්ඩුවට තමයි බැංකු විසින් ණය ලබාදීලා තිබෙන්නේ. මෙය භයානක අර්බුදයක් වෙලා. මේක එතනින් මෙතනින් අරගෙන අත මාරු කරලා විසඳගන්න පුලූවන් තත්ත්වයක් නොවෙයි. අද මහා පරිමාණ වංචාකරුවන් විසින් ආණ්ඩුවට විශාල වශයෙන් ආදායම් අහිමි කර තිබෙන මොහොතක ආණ්ඩුව සාමාන්‍ය ජනතාවගේ සේවක අර්ථසාධක අරමුදලෙන්, බදු මුදලක් අය කර

ගන්නවා. එය ඉතාමත් අසාධාරණයි.

කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර සමන්පි‍්‍රය හේරත් මහතා (ශී‍්‍රල.පො.පෙ.) –

අධිකරණයේ ස්වාධීනත්වය රැකීමට ව්‍යවස්ථාදායකයේ සහාය අවශ්‍යයි. එහෙත් පසුගිය ආණ්ඩුවේ මන්තී‍්‍රවරු අධිකරණය හෑල්ලූ කිරීමට කටයුතු කළා.

අධිකරණයේ ස්වාධීනත්වයට ඉඩදිය යුතුයි. පාස්කු ප‍්‍රහාරය ගැන කඩිනමින් වැරදිකරුවන්ට දඬුවම් දෙන්න කියලා සමහරු කියනවා. ඒ කියන්නේ ආණ්ඩුවට බලපෑම් කරන්න කියලා. අපි ඊට මැදිහත් වන්නේ නැහැ. අධිකරණ කි‍්‍රයාවලියට ඉඩදී අපි ඉන් ඉවත්විය යුතුයි.

මාතලේ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් (ශී‍්‍ර ල.පො.පෙ.) –

අද තිබෙන ප‍්‍රධාන වසංගතයක් තමයි වාත්තීය සමිති ගෙන යන වර්ජන. අධ්‍යාපන අංශය, සෞඛ්‍ය අංශය, වෘත්තීය සමිති සිය ගණනින් තිබෙනවා. රාජ්‍ය ආයතනවල අඩුම තරමින් වාත්තීය සමිති 2500ක් වත් මේ රටේ තිබෙනවා. උද්ඝෝෂණ පෙළපාලි වැඩ වර්ජන වෙන රටක නැති තරම් අපේ තිබෙනවා.

රටේ දියුණුවට වෘත්තීය සමිතිවල සහාය අවශ්‍යයි. අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරන්න එපා. මේ වෙලාවේ බුද්ධිමත්ව වෘත්තීය සමිති වැඩ කරන්න.

පත් කළ මන්තී‍්‍ර මයන්ත දිසානායක (ස. ජ. බ.)

මේ රටට ගැළපෙන නීති පද්ධතියක් හඳුන්වාදිය යුතුයි. දුප්පත් මිනිහෙක් කොස් ගෙඩියක් කඩා ගත්තොත් ඊට නීතියෙන් උපරිම දඬුවම් ලැබෙනවා. නමුත් බලවත් අයෙක් කරනවා නම් නීතියට හසු නොවී බේරෙන්න පුළුවන් කියලා මතයක් තිබෙනවා. ජනතාව ඒකාධිපතියෙක් ඉල්ලන්නෙ එකයි.

මේ රටේ ස්වාධීනත්වය අධිකරණයෙන් ජනතාවට හිමි විය යුතුයි. අලි සබි‍්‍ර මහතා නීතිය අලූත් කිරීමට ගන්න උත්සාහයට මම සහාය දෙනවා.

ත‍්‍රස්ත මර්දන පනත අනිවාර්යයෙන්ම වෙනස් කළ යුතුයි. ජාත්‍යන්තරය ද එම මතයම ප‍්‍රකාශ කරනවා.

රාජ්‍ය ඇමැති ඞී. බී. හේරත් –

එක් රටක් එක් නීතියක් යන්න ජනාධිපතිතුමා සමාජගත කළා. රටේ බහුතර ජනතාව අනුමැතිය දුන්න එක් කාරණාවක් නීතිය. නීතිය පිළිබඳ ජනතාවගේ විශ්වාසයත් අවශ්‍යයි. නීතියේ සහාය ලබා ගැනීමට යන ජනතාවට සාධාරණය ලබාදීම අපේ වගකීමක්. ප‍්‍රමාද නොවී නීතියේ විනිවිධබාවයක් ලබා ගැනීමට අපි අවශ්‍ය වටපිටාව ඇති කළ යුතුයි. එය දැනටමත් සිදු කරනවා. අධිකරණ ඇමැතිතුමා විශාල සේවයක් ඒ වෙනුවෙන් ඉටු කරනවා.

රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ –

සේවක අර්ථසාධක අරමුදල ගැන චෝදනා කළා. ගිය ආණ්ඩුව කාලයේ කිසිම අවස්ථාවක ඒ අරමුදලින් බදු අය නොකළ බව හර්ෂ ද සිල්වා කිව්වා. 2015න් පසු පැමිණි ආණ්ඩුව අරමුදල්වලින් අය කළ බදු සියයට 10 සිට 14 දක්වා වැඩි කළා. අද ඔවුන් අපට චෝදනා එල්ල කරනවා. 2017 අංක 29 දරන දේශීය ආදායම් පනත මගින් බදු අය කරන ක‍්‍රමවේදයන්වලට සංශෝධන ගෙනාවා. අධිභාරය අය කිරීමේදී ආයතන 50කට පමණ බදු ගෙවන්න වේවි. ඒ ඔවුන් ලාභාංශ උපයනවා නම් පමණයි.

වැටුප් ගෙවලා සේවකයන්ට ලාභාංශ ගෙවලා ඉතිරි මුදලින් අධිභාරය අය වෙනවා. මෙයින් සාමාජිකත්වයට කිසිදු බලපෑමක් ඇති වන්නේ නැහැ.

රජයක් ලෙස කිසිම විටක වැඩ කරන ජනතාවට අගතියක් කරන්නේ නැහැ. අගතියක් කරපු අය සියයට 10ක්ම තිබූ බදු අනුපාතය සියයට 14ක් දක්වා වැඩි කළා. ජනතාවට අමතර බදු ගණනාවක් ගැහුවා. දැන් රටේ ඉහළම පංතියෙන් බදු අයකරන විට ඊට විරුද්ධ වෙලා. ධනේශ්වර පංතිය මගින් යැපෙන විරුද්ධ පක්ෂයක් අද රටේ ඉන්නේ. ඔවුන්ව ආරක්ෂා කරනවා.

අධිකරණ ඇමැති අලි සබි‍්‍ර –

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් වීමට විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය ශක්තිමත් විය යුතුයි. මේ ඉදිරිපත් වූ සංශෝධන අපරාධ නීතිය ශක්තිමත් කිරීමයි. විපක්ෂයෙ සමහරු මේවා සිල්ලර සංශෝධන කිව්වා. නමුත් විපක්ෂය දුවන්නේ අධිකරණයට. සී. අයි. ඞී. එන්න කිව්වත් අධිකරණයට දුවන්නේ.

අවුරුදු 42ක් පුරා තිබෙන ත‍්‍රස්තවාදය වැළැක්වීම් පනතේ යම් යම් දේ වෙනස් කිරීමට තානාපතිවරුන් දැනුවත් කළා. විපක්ෂය එය ප‍්‍රමාණවත් නැහැලූ. ඔවුන්ගේ කාලයේදී එයවත් කර ගන්න බැරි වුණා. අපි විද්වත් කමිටුවක් පත් කරලා සංශෝධන හැදුවා.

පුද්ගල නිදහස හා නීතිය ශක්තිමත් කිරීමට ජාතික ආරක්ෂාවට හානි නොවන ආකාරයේ අවශ්‍ය සියලූ දේ අපි කරනවා.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඇති නීති ලිහිල් කර තිබෙනවා. වසරකට පසුව අභියාචනාධිකරණයට ගිහින් ඇප ඉල්ලන්න පුළුවන්. ප‍්‍රගතිශීලී කරුණු රැසක් ඇතුළත්. යහපාලන ආණ්ඩුව මොකුත් කළේ නැහැ. ජාත්‍යන්තර ප‍්‍රජාව තෘප්තිමත් කිරීමට නොව අපේ රටේ මිනිසුන්ගේ නිදහස ආරක්ෂා කිරීමට අපි අවශ්‍ය පියවර ගන්නවා. එය අපගේ වගකීමක්.

සියලූ දෙනාගේ සහාය අරන් ගොඩ ගැසී ඇති නඩු අවසන් කරන්න අපි සූදානම් වෙනවා.

ජනතාවට විශ්වාසවන්ත හා කාර්යක්ෂම ලාභදායි ක‍්‍රමවේදයකින් ජනතාවට තම ආරවුල් විසඳා ගැනීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ඇති කිරීමට අපි කැපවී කි‍්‍රයා කරනවා. ඉතිහාසයේ කවර දාවත් නැති ලෙස අධිකරණය දියුණුවට මුදල් වෙන් කර තිබෙනවා.

පනත් කෙටුම්පත් සංශෝධන සහිතව සම්මත විය. පාර්ලිමේන්තුව අද (11 දා) පෙරවරු 10.00ට රැස් වෙයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment