ජල සමුළුව අද සහ හෙට

43

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර ජල සමුළුව – 2023 අද (14 දා) සහ හෙට (15 දා) දෙදින රත්මලානේ පිහිටි ජලය සහ සනීපාරක්ෂාව.. පිළිබඳ විශිෂ්ටතා කේන්ද්‍රයේදී (CEWAS) පැවැත්වේ.

එම මණ්ඩලය සෑම වසරකම සංවිධානය කරනු ලබන මෙම සමුළුව මෙවර පැවැත්වෙන්නේ අටවන වරට වන අතර මෙවර සමුළුවේ තේමාව ‘ජලය සහ සනීපාරක්ෂක අර්බුද විසඳීම සඳහා කඩිනම් පියවර’ යන්න වේ.

ජලය හා සම්බන්ධිත වෘත්තිකයන්, විදෙස් නියෝජිතයන්, ජාත්‍යන්තර සංවිධාන, රාජ්‍ය නිලධාරීන් සහ මාධ්‍ය එකම වේදිකාවට ගෙන ජලය හා සනීපාරක්ෂක ක්ෂේත්‍රයට අදාළ පර්යේෂණ නවීන තාක්ෂණය පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ වේ.

මෙම ජාත්‍යන්තර සමුළුවෙහි සමාරම්භක අවස්ථාවේ ප්‍රධාන ආරාධිත ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා එක්වීමට නියමිතය. ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් ඇමති ජීවන් තොණ්ඩමන්, රාජ්‍ය ඇමති සනත් නිශාන්ත, අමාත්‍යාංශ ලේකම් ආර්. එම්. ඩව්ලිව්. එස්. සමරදිවාකර, ජල සම්පාදන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග, සාමාන්‍යාධිකාරී රුවන් ලියනගේ යන මහත්වරුන් මෙන්ම නිලධාරීන් මෙම අවස්ථාවට එක්වීමට නියමිතය.
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment