ගිය ජූලි 7ට පසු ඩොලරයේ අඩුම අගය ඊයේ

351

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම විනිමය අනුපාත අගයන්ට අනුව ඊයේ (04) ඇමෙරිකානු ඩොලරයක නිරූපිත අගය රු. 309.12 ක් දක්වා පහත වැටී ඇත.

මහ බැංකුවේ සංඛ්‍යා ලේඛන අනුව මෙය 2023 ජූලි 07 වැනිදාට වාර්තා වී ඇති අඩුම අගය වේ. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ දෛනික විනිමය අනුපාත අගයන්ට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 303. 81 දක්වා සහ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 313.41 දක්වාද පහත වැටී ඇත. එසේ මේ වර්ෂය (2024) මුල සිට ඉකුත් පෙබරවාරි 29 දින දක්වා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 4.4 කින් ශක්තිමත් වී තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment