දේශීය ආර්ථිකය සවිබල ගැන්වීමට කැප වූ SDB බැංකුවේ 26 වැනි සංවත්සරය අභිමානයෙන් සමරයි

86

නව්‍ය බැංකුකරණ විසඳුම් තුළින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඇතුළු සුවහසක් ප්‍රගතිශීලී ශ්‍රී ලාංකිකයින්ගේ නූතන අවශ්‍යතාවන් සපුරාලමින් දේශීය ආර්ථිකය සවිමත් කිරීමේ සුපැහැදිලි දැක්මක් මත ගොඩනැඟු‍ණු SDB බැංකුව මෙම අගෝස්තු මස සිය සාඩම්බර 26 වැනි සංවත්සරය සමරයි.

සියවසකින් කාර්තුවකට අධික කාලයක් පුරා ශ්‍රී ලාංකිකයින් සහ ප්‍රජාවන් සවිබල ගන්වමින් ඒ හරහා ආර්ථික සමෘද්ධියට දේශය මෙහෙයවූ SDB බැංකුව වටිනාකම් පෙරදැරි කරගත් බැංකුකරණයට හොඳම උදාහරණයකි. තවත් ජයග්‍රාහී වසරක ආරම්භය සනිටුහන් කරන මේ මොහොතේදී SDB බැංකුව පසුගිය වසර 26 පුරා අඛණ්ඩ ප්‍රගතිය සහ තිරසාරත්වය වෙනුවෙන් කළ නොසැලෙන කැපවීම් සාඩම්බරයෙන් සිහිපත් කර සිටී.

SDB බැංකුව ආරම්භයේ සිටම ප්‍රගතිය සහ සවිබල ගැන්වීම වෙනුවෙන්ම කැප වී සිටි බැංකුවකි. බැංකුවේ සමාරම්භය පදනම් වන ප්‍රතිපත්ති අනුව යමින් සිය ගනුදෙනුකරුවන් හා සවිමත් සබඳතාවයක් ගොඩනගා ගෙන ඇති SDB බැංකුව ඔවුන්ගේ ජීවිතවල ජයග්‍රාහී සහ අභියෝගාත්මක කාල පරිච්ඡේදයන් තුළ එක ලෙස නොවෙනස්ව ඔවුනට සවියක්ව සිට ඇත.

26 වැනි සංවත්සරය සමරන මේ මොහොතේදී SDB බැංකුව සම්බන්ධයෙන් වඩාත්ම සුවිශේෂී කරුණ වශයෙන් අවධානයට ලක් වන්නේ සිය ගනුදෙනුකරුවන්ගේ නිතර වෙනස්වන අවශ්‍යතාවයන්ට සරිලන නව්‍ය විසඳුම් ඉදිරිපත් කිරීමට බැංකුව දක්වා ඇති මහත් කැපවීමයි. බැංකු ක්ෂේත්‍රය විප්ලවීයකරණය කරන නව තාක්ෂණික පෙරළි සම්බන්ධයෙන් නිරන්තර අවධානය යොමු කරන SDB බැංකුව ඉතා සාර්ථකව එම නවීන තාක්ෂණික නව්‍යකරණයන් සිය සේවාව ඉහළ නැංවීමට යොදා ගෙන ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඩිජිටල්කරණය හා නව තාක්ෂණය යොදා ගැනීම අතින් වර්තමාන බැංකු ක්ෂේත්‍රය තුළ ඉහළම තැනක රැඳීමට SDB බැංකුවට හැකියාව ලැබී ඇත. වඩාත් වැදගත් වන්නේ ඒ හරහා බැංකුවේ ගනුදෙනුකරුවන් වෙත ඩිජිටල් ප්‍රතිලාභ නොඅඩුව ලබා දීමට SDB බැංකුවට හැකි වීමයි.

advertistmentadvertistment
advertistmentadvertistment