සජබ හෙට මැති සබය වර්ජනය කරයි

97

වාරාවසාන කොට ඇති පාර්ලිමේන්තුව යළි විවෘත කරන හෙට (08දා) නොපැමිණ එම අවස්ථාව වර්ජනය කිරීමට සමගි ජන බලවේගය තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ‘දිවයින’ට පැවසීය.

එම පක්ෂයේ කළමනාකාර කමිටුවේ විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

පාර්ලිමේන්තුව කල් දැමීමට තරම් විශේෂ හේතුවක් නොමැතිවීම සහ 75 වැනි ජාතික නිදහස් උත්සවයට විශාල මුදලක් වියදම් කිරීම වැනි කරුණු ඒ සඳහා හේතු වූ බවද මන්ත්‍රීවරයා කීය.

මීට අමතරව ජනාධිපතිවරයාගේ රාජාසන කතාවට සම්බන්ධ කිසිදු අවස්ථාවකට සහභාගි නොවී සිටීමේ තීන්දුවක්ද එම පක්ෂය විසින් ගෙන ඇත.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment