රාහු අසුරේන්‍ද්‍රයා සහ බඹපුත් කේතු වැඩ පෙන්වන්නෙ නොවැම්බරයේ

1974

ඔබ ප්‍රවේශම් වන්න. රාහු අසුරේන්‍ද්‍රයා කිව්වේ සුදු අශ්වයකුගේ පිටේ නැගී කසයක් අතින් ගත් ඔලුවක් නැති ඒ වෙනුවට නයි පෙනයක් ඇති කෙනෙකුට බඹපුත් කේතා කිව්වේ උකුලෙන් පහළ නාග ශරීරයක් ඇති මලක් උඩ ඉන්න පතලයට (පොළොවට අධිපති) අයිති කෙනකුට. මේ දෙන්නම කිසියම් දෙයක වටිනාකමක්, නොදන්නා අය. පුරාණයේ සිට මේ දෙන්නටම කිව්වේ රාහු හා කේතු කියලයි. මේ කියන ලද ග්‍රහ ද්විත්වය 2022 වර්ෂයේ අප්‍රේල් මාසේ 12 වැනිදා ඉංග්‍රීසි පැය 13.40 ට මේෂ රාශියට ආවේ හතුරු වෙලා. එහෙම සංක්‍රමණය වුණාට 2023 වර්ෂයේ ඔක්තෝබර් 30 වැනිදා ඉංග්‍රීසි පැය 16.37 ඒ කිව්වේ හවස 4.37 ට මේෂ රාශියේ ඉඳලා මීන රාශියට යනවා. ඒ කියන්නෙ ‘නීච’ වෙලා. නීච කියන්නෙ හතුරු ස්වභාවයටත් වඩා දරුණුයි. මෙහෙම වෙනස් වෙලා 2024 වසරෙ ග්‍රහයට ඉහිලුම් නැහැ. තවත් නපුරු වෙනවා. ඔබේ තත්කාල ග්‍රහ පිහිටීම නරක නම් ප්‍රවේශම් වන්නට ඔබටමයි ලියන්නේ.

කලකට ඉස්සෙල්ලා සෞරග්‍රහ මණ්ඩලයට අයත් වෙලා තිබූ ප්ලූටෝ, වීනස්, යුරේනස් යන ග්‍රහ ත්‍රිත්වය පොලොවට දුර වැඩියි. ඉන් බලපාන ප්‍රතික්‍රියාව අඩු ිනිසාම සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉවත් කරන කොට රාහු, කේතා ත් ඉවත් කරන මතයක් පැන නැගුනා. ඒ වුණාට මේ ග්‍රහ ද්විත්වය ගුණ වැඩිදුරට පරීක්‍ෂණ කරන කොට මේ දෙදෙනා සෞරග්‍රහ මණ්ඩලයට අත්‍යවශයම ග්‍රහ ද්විත්වයක් බව කාරකා විදාඥයෝ ජ්‍යෝතිෂ විiාධරයෝ නිගමනය කළා. අනිත් ග්‍රහයන්ට වඩා ටිකක් දුරයි සංකීර්ණයි තමයි හැබැයි නපුරු වුණාම අනිත් ග්‍රහයන්ට වඩා අශුභ ලෙස විපාල ඵල දෙන බව දැන ගත්තා. ඊට කලින් දැන සිටියේ සෙනසුරු තමයි නපුරා කියලා. බලාගෙන යනකොට පැරණි ජ්‍යොතිර්වේදින්ගේ ප්‍රකාශ දෙස බැලුවම රාහු කේතා නීච හතුරු වුණාම ඊට වඩා නපුරු බව දැන ගත්තා. මොකද දෙදෙනකුගේ කිරණ ප්‍රහාර වදින නිසා. රාහු කොච්චර නපුරු ප්‍රතිඵල දෙනවද කියල මේ ස්ලෝකයෙන් දැනගන්නකෝ.

‘පඥඥා විහීන මනි වික්‍රම අර්ථ හානි – විසුද්ධ ගාත වද බංධන රෝග පීඩා – බංදු ප්‍රවාස ධන හානි මහපුනාසම් – රාහු දසාභජනි ජීවිත කල්ප සහසසුම්” මේකේ සිංහල තේරුම තමයි රාහු නරක් වුණාම දැනුම නැතිකරල හිතුව්ක්කාර කම් ඇති කරල හිරේ විලංගුවේ දමලා අන්තිමේදී මරල දමනවා කියන එක. රාහු ගැන කතා කරන කොට ඊට රාශි 7 ක් දුරින් කේතාත් නරක් වෙලා ඉන්නවා. ශප්තම් දෘෂ්ඨියට අහුවෙනවා එතකොට විපාක දීම දෙගුණ වනවා. මේ දෙදෙනා කාගේ හරි කේන්දරයක මහ දසා හෝ අතුරු දසා ඇවිල්ලා හතුරු හෝ නීච වුණොත් රාහුට සිද්ධි නාගර්ජුනයත්, කේතාට නම් භ්‍රහ්ම පාතාලය කියන යන්ත්‍ර තඹ තහඩුවේ ලියලා රන් ආලේප කරල මතුරල පළඳින්න වේවි. එකපාරටම යන්ත්‍ර දමන්න ඕනැත් නැහැ. රාහු නරක් වුණාම ගේ ඉදිරිපිට වැටකෙයියා පැළයක් සිටවල සත්තු කරන්න. කේතා නරක් වුණොත් බුදුන්ට මිනී මල් පූජා කරන්න. මේක සති 2 ක් කරල බල බැරි වුණොත් යන්ත්‍ර දමා ගමු. යන්ත්‍ර දැම්මත් නොදැම්මත් සිහියෙන් වැඩ කරල ප්‍රවේශම් වෙමු.

ඔබේ කේන්ද්‍රයේ ලග්නය මීන, ධනු වෘශ්චික, මකර, වෘශ්චික, සිංහ හෝ කටක නම් අන්තර් දශාව මහ දශාව කේතාව ගියොත්, 6 වැන්න 11 වැන්න නරක් වුණොත් පරිස්සම් වන්න වේවි. 8 වැන්නට ගියොත් ගොඩක් පරිස්සම් වන්න. විශේෂයෙන් කාගේවත් නෝට්ටුවලට සාක්‍ෂි ඇප වශයෙන් අත්සන් කරන්න එපා. අනවශ්‍ය ස්ත්‍රින් පුරුෂ සමඟ වැඩිපුර ආශ්‍රය කරන්න එපා. කොටින්ම කිව්වොත් නොකරපු වැරදිවලට අහුවෙන්න එපා. කරන දෙයක් බුධ, බ්‍රහස්පති, සිකුරු නැකැත්වලට කරන්න. කේතා නරක් වුණොත් මේ ස්ලෝකයේ විපාක දෙනවා!!

භංද්‍ර ප්‍රවාස ධන හානිම බුද්ධිමාද – භූපාග්‍ය චෝර භය හානි ශරීර පිඩාම් – විසුද්ධ ගාත මානස්‍ය කුක්‍ෂි රෝගා කේතු දසා සඳනි සංසදය මා පාදස්ම”

කියන කොටම තේරෙනවානේ කේතා නරක් වුණාම දෙන විපාක රාහු කේතා ගුණ තවත් විස්තර කරනවා නම් රාහුට අයිති නිරිත දිශාව විමානය විටකෙයියා, වාහනය අශ්වයා. රවිගේ පුතා හැටියටත් හඳුන්වනවා. අවතාරය සූඛරයා නැත්නම් ඌරා. ඔලුව නයිපෙනය නිසා නයි විස. මහ දසා කාලය වසර 18 යි. රාහුගෙන් රාහුට වසර 02 මාස 08 දින 12. නරක් වුණොත් ප්‍රතිඵලය මරණය දක්වා යනවා. බුදුහාමුදුරුවන් දුෂ්කර ක්‍රියා කරන්නට මාර්ගය හදලා දුන්නේ මේ රාහු. ඊට පස්සෙ තමයි බ්‍රහස්පති නරක් වෙලා ලැබුවේ. අතුරු දසාව රාහුගේ නැකැත් තමයි අද සා – විසා, තවත් එකක් කියන්නම ඕනෑ. රාහු නරකම නැහැ. නරක් වුණොත් ඉවරයි.

කේතාගේ නැකැත් තමයි අස්විද – මා – මුලේ කේතාට තිබෙන්නේ වසර 7 යි මහ දසාව. කේතාගෙන් කේතාට ඒ කිව්වේ කේතු මහ දසාවේ කේතු අතුරු දසාව. මාස 04 දින 14 යි. මේ ටික කාලයේදී රාහු සමඟ අත්වැල් බැඳදෙන්න පුළුවන් නරක ප්‍රතිඵල විපාක දෙනවා. රාහු දසා මහ දසා ඉවර වුණාම ඊළඟ එන්නේ බ්‍රහස්පති. ඒ වගේම කේතා දසා මහ දසා ඉවර වුණාම එන්නේ සිකුරා. මේ බ්‍රහස්පති හා සිකුරා නෛසර්ගික හතුරෝ. සෑහෙන්න පායල වහින වැස්ස ඉතා නරකයි වගේ ඊළඟ මේ දෙන්නා නරක් වුණොත් අලි මදිවට හරක් කිව්ව වගේ වනවා. ‘ගුරු ශුක්‍රො සදා වෛරඃ’ කියල තමයි ස්ලෝකයේ තිබෙන්නේ.

ඕනෑම ග්‍රහයෙකුට අවස්ථා කීපයක් හිමියි. එනම් ශයන අවස්ථාව උපවේශන අවස්ථාව – ප්‍රකාශ අවස්ථාව – නේත්‍රාපාන් ගමන – ආගමන – සභා – ආගමා – භෝජන – නිත්‍යාලිප්සා – කෞතුක – නිද්‍රා කියල අවසථා 12 ක් තිබෙනවා. මේ එක එක විදියට ප්‍රතිඵල අවස්ථා තමයි. මෙහෙම ලිව්වට ඒ ගැන වැඩිදුර යන්ට එපා. ජ්‍යොතිෂය නොදන්නවා නම් ඔබට විස්තර පැටලැවේවි.

කොටින්ම කිව්වොත් රාහු කේතා හොඳ යහපත් ග්‍රහ යුවළක් නොවේ. සුබ ඵලවලට වඩා අශුභ ඵල දෙන ග්‍රහ යුවළක්. වැඩිපුරම නරකට ප්‍රතිඵල දෙනවාමයි. මේ දෙන්නා ගැන ලිව්වේ මොකද දරුවන්ගේ උසස් පෙළ විභාගයත් එන නිසා.

රාහු කේතා ගැන තවදුරටත් කියනවා නම් මේවා ග්‍රහ තරු නොවන බවටත් හෙවනැලි බවත් කියැවෙනවා. කොහොම වචනයෙන් ප්‍රකාශ කළත් ක්‍රියාවෙන් පාපකාරී ප්‍රතිඵල දෙනව නම් අපි ප්‍රවේශම් වන්ට ඕනෑ. අපේ ක්‍රියාවලට බලපෑවත්, ශරීරයට බලපෑවත් ඒක අපිට නරකට හිටිනවා. මේ දෙදෙනාව මේ විදියට නයි රූපවලින් පෙන්නුම් කරන්නෙ අපට තේරුම් ගන්ට ලේසිකරවන්නයි. දෙදෙනාම ඔලුවක් නැතිව කල්පනා කරන විස සහිත බව එක් පැත්තකින් අර්ථකථනය කරනවා. මලක් උඩ ඉඳගෙන අතේ පොතක් අරගෙන කේතා සිටීමෙන් පෙන්වන්නේ දැනුමක් නැති බොරුවට අධිපතීත්වය දෙන ලෝකයම මගේ කියන ලොකු බලාපොරොත්තු දරන බොරුකාරයෙක් කියලා. මේ වගේ ලක්‍ෂණ තමයි කේතා නරක් වුණාම ලැබෙන්නේ.

කොහොම කීවත් 2023 නොවැම්බර් වන විට ඉතාම කල්පනාවෙන් සැලකිල්ලෙන් හිටියොත් හොඳයි.

රාහු අසුරේන්‍ද්‍රයා සහ බඹපුත් කේතු වැඩ පෙන්වන්නෙ නොවැම්බරයේ

පාරම්පරික ජ්‍යොතිෂවේදී/
ගුප්ත විද්‍යාදර මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න
දු.ක.-0779870007, 0722174553.

advertistmentadvertistment
advertistmentadvertistment