වෛරල් වුණ ඇනිවර්සරි පාර්ටි එක ගැන මහේෂි කියන කතාවමේක සර්ප්‍රයිස් එකක්

214

මහේෂි පසුගිය දවසක ලොකු පාර්ටි එකක් දුන්නා. බොහෝ දෙනා කතා වුණේ වෙඩින් ඇනිවර්සරි එක නිසා කියල. ඒකත් එක හේතුවක්. නමුත් තවත් හේතුවක් තියෙනව. ඒකයි මේ උත්සවයේ ප්‍රධානම හේතුව. මහේෂි මදුසංකා ඒ ගැන මේ විදිහට පැහැදිලි කළා.

● මහේෂි, ලොකු පාර්ටි එකක් දුන්නා නේද?

ඔව්, මේ විදිහට අපි සැමරුවේ අපේ හත් වැනි වෙඩින් ඇනිවර්සරි එක. ඇත්තටම ඒ උත්සවය සංවිධානය කළේ සම්පත්ගේ දෙමව්පියන් පුදුම කරන්න. නමුත් අපේ ඇනිවර්සරි එක ඒ අතරට යෙදිල තිබුණ නිසා මේ උත්සවයට ඒකත් එකතු කළා. ඊට අමතරව සම්පත්ගේ යහළුවො වන ගුවන් නියමුවන් සහ මගේ කලා පවුලේ අය කිසිම තැනකදි එකතුවෙලා තිබුණෙ නැහැ.

වෛරල් වුණ ඇනිවර්සරි පාර්ටි එක ගැන මහේෂි කියන කතාවමේක සර්ප්‍රයිස් එකක්
වෛරල් වුණ ඇනිවර්සරි පාර්ටි එක ගැන මහේෂි කියන කතාවමේක සර්ප්‍රයිස් එකක්

● වසර හතක විවාහ ගැන දිවිය මොන වගේ හැඟීමක්ද තියෙන්නෙ?

හරි කෙනා මුණගැහුණොත් විවාහ දිවිය හරිම සුන්දරයි. ඒ අනුව මම හිතනව මට මුණගැහිල තියෙන්නෙ හොඳම කෙනා කියල. අපි අද සතුටින් සහයෝගයෙන් ඉන්නව.

● කාගෙද මේ සැළසුම?

සම්පත්ට මේ වගේ දේවල් ලොකුවට තේරෙන්නෙ නැහැ. මේක මගේ සැළසුමක්.

වෛරල් වුණ ඇනිවර්සරි පාර්ටි එක ගැන මහේෂි කියන කතාවමේක සර්ප්‍රයිස් එකක්
වෛරල් වුණ ඇනිවර්සරි පාර්ටි එක ගැන මහේෂි කියන කතාවමේක සර්ප්‍රයිස් එකක්

● සම්පත් ඔබේ දිවියට මොන වගේ ආලෝකයක්ද?

ඇත්තටම ඒක වචනවලින් විස්තර කරන්න අමාරුයි. සම්පත් කියන්නෙ හොඳ තාත්තා කෙනෙක් වගේම හොඳ සැමියෙක්. ඒ වගේම මගේ රැකියාවටත් ඔහු ඉතාමත් ගරු කරනව. අද සමාජමාධ්‍යවල අපිට දකින්න තියෙන්නෙ ගැහැනු අයට වැඩිපුරම අපහාස කරන්නෙ පිරිමි. නමුත් සම්පත් කියන්නෙ එහෙම චරිතයක් නෙමෙයි. කාටවත් අපහාස උපහාස නැතිව තමන්ගෙ පාඩුවේ ජීවත් වෙන චරිතයක්.

● මේ අවස්ථාව දරුවන්ට දැණුනෙ කොහොමද?

එයාලට තවම ලොකුවට තේරුමක් නැහැ. නමුත් උපන්දිනයක් වගේ අවස්ථාවකදි අපි ගොඩක් වෙලාවට කරන්නෙ දානයක් දෙන එක. දරුවො නිතර දකින්නෙ ඒ වගේ දේවල්. නමුත් මෙතනදි ඊට වඩා වෙනස් දෙයක් වුණ නිසා අපිටත් වඩා ගොඩක් සතුටු වුණේ එයාල.

වෛරල් වුණ ඇනිවර්සරි පාර්ටි එක ගැන මහේෂි කියන කතාවමේක සර්ප්‍රයිස් එකක්
වෛරල් වුණ ඇනිවර්සරි පාර්ටි එක ගැන මහේෂි කියන කතාවමේක සර්ප්‍රයිස් එකක්

● මේ සප්‍රයිස් එක සාර්ථකද?

ඇත්තටම ඔව්. සම්පත්ගෙ අම්මයි තාත්තයි ගොඩක් පුදුමයට පත් වුණා. සම්පත් තමයි එමිරේට්ස් ත්‍රී එයිටි ලංකාවෙන් තෝරාගත් පළමුවැනි කැප්ටන්. ඒ ආරංචිය කියන්න තමයි අපි අම්මා සහ තාත්තා වෙනුවෙන් මේ උත්සවය සංවිධානය කළේ. මොකද ඔවුන් කළ කැපකිරීමේ ප්‍රතිපලය තමයි අපි අද භුක්ති විඳින්නෙ.

● අම්මා සහ තාත්තාගේ ප්‍රතිචාරය මොන වගේද?

මේ ගැන ඒ අය පුංචි දෙයක්වත් දැනගෙන හිටියෙ නැහැ. ඒ නිසා ඔවුන් ඉතාමත්ම පුදුමයට පත්වුණා.

විශේෂයෙන්ස කියන්න ඕන, අපි ඒ දවස් ටිකේ හිටියෙ නුවර. එහිදී යහළුවො නෑදෑයො වගේම ප්‍රදේශයේ අයත් කිසිම කුහකකමක් නැතිව සම්පත්ට සුබපැතුම් එකතු කළා. ඒ නිහතමානී මිනිසුන් ගැන ගොඩක් සතුටුයි.

● පවුලම විදෙස්ගත වෙන්න අදහසක් තියෙනවද?

තව දවස් තුනහතරකින් සම්පත් විදෙස්ගත වෙයි. දරුවා පාසල් යන නිසා දරුවන් සහ මම යනවද නැද්ද කියන එක ගැන තවම තීරණයක් ගත්තෙ නැහැ.

● කොහේද මේ උත්සවය තිබුණෙ?

බොල්ගෙඩ පැරඩයිස් ඉන් හෝටලයේ තමයි මේ අවස්ථාව සංවිධානය කළේ.

● සමාජමාධ්‍යවලත් මේ ඡායාරූප සංසරණය වෙනවා?

ඔව්, ඇත්තටම ඒ ගැන සතුටුයි වගේම මිනිසුන් ඒවාට දක්වල තියෙන ප්‍රතිචාර ගැනත් ගොඩක් සතුටුයි. මම ගොඩක් වෙලාවට මේ වගේ පාර්ටි අරගෙන නැහැ. ඉතිං අනෙක් අයව සතුටු කරනව වගේම අපිත් සතුටු වෙන එක වරදක් හැටියට මම දකින්නෙ නැහැ.

● දොස් කියන අය නැද්ද?

සමහර අය කියල තියෙනව අපි සල්ලි වියදම් කරනව වැඩියි කියල. ඔව්, පාර්ටි එකට අපි වියදම් කළා. නමුත් ඩේ‍රස් කරන එක, ෆොටෝස් ගන්න එක වගේ දේවල් මට ඔවුන් නොමිලයේම කරල දුන්නෙ.

● රංගන කටයුතු?

මගේ රංගන කටයුතු පෙර පරිදිම සිද්ධ වෙනවා. රංජන් අයියගෙ ෆිල්ම් එකක් තියෙනව. මේ දවස්වල ඒකට ලෑස්ති වෙනවා.

● සැමියාගෙන් කලා කටයුතුවලට තහංචි නැද්ද?

ඔහුගෙන් ලැබෙන සහය අති විශාලයි. කවදාවත් ඔහු මට තහංචි දැම්මෙ නැහැ. වචනෙකින්වත් හිත රිද්දන්න කටයුතු කරලත් නැහැ.

● නමට ඉදිරියෙන් තියෙන රංගන ශිල්පිණී කියන විශේෂණය ගැන ඔබ තෘප්තිමත්ද?

ඇත්තටම රංගන ශිල්පිණියක් වීම කියන්නෙ මම පෙර කළ පිනක් නිසා සිදුවුණ දෙයක්. නිළියන්ට සමහර අය එක එක කතා හැදුවට සමහර තැන්වලට ගියාම ලැබෙන ආදරය, ආශීර්වාදය මිලකරන්න බැහැ. රංගන ශිල්පිණී තියන විශේෂණ පදයට මම බොහොම ගරුකරනව වගේම ඒ ගැන බොහොම තෘප්තිමත්.

● සම්පත් ටෙලි නාට්‍ය නිෂ්පාදනයට අත තියයිද?

දැනට ඒක නැහැ කියන්නවත් ඔවු කියන්නවත් බැහැ. අපි ඉදිරියේදී බලමු නේද.

● ක්‍ෂේත්‍රය ගැන ඔබේ අදහස?

මගේ කලා පවුලේ සියලුම දෙනා ඒ උත්සව අවස්ථාවේදී වුණත් ඔවුන්ගේ වැඩ අතපසු කරගෙන සහභාගී වුණා. අපි හැමෝම බොහොම සහයෝගයෙන් ජීවත් වෙන්නෙ. නිතරම කෑවද බිව්වද කියලනම් හොයල බලන්න අපි කාටවත් වෙලාවක් නැහැනෙ. නමුත් කරදරයකදි වගේම සතුටුදායක අවස්ථාවකදීත් අපි එකට එකතු වෙනව.

● ඉදිරියේදී මහේෂිව දකින්න ලැබෙන්නෙ කොහොමද?

ඉදිරිකාලයේදී බොහෝ දුරට සිනමා නිර්මාණවලින් මාව දකින්න ලැබෙයි. මොකද මමත් විදෙස්ගත වුණොත් ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන එක අසීරු දෙයක් වෙන නිසා.

මහේෂ් එදිරිසිංහ
ඡායාරූප : ඩාර්ක් රූම්

advertistmentadvertistment
advertistmentadvertistment