නව ඉන්ධන බවුසර් ලියාපදිංචිය  අද සිට

206

ඉන්ධන ප්‍රවාහනය සඳහා නව බවුසර් රථ ලියාපදිංචි කිරීම අද (02දා) සිට ආරම්භ කෙරේ.

ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් ඉන්ධන ප්‍රවාහනයෙන් ඉවත්වී වැඩ වර්ජනයක නිරතවීම නිසා ඉන්ධන ප්‍රවාහනයට ඇතිවී තිබෙන අර්බුදයට පිළියමක් සකසා ගැනීම සඳහා නව ටැංකි ලියාපදිංචි කිරීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පැවැසීය.

නව ටැංකි ලියාපදිංචි කිරීම වෙනුවෙන් කොළොන්නාව තොග පර්යන්ත සමාගමේ අද (02 දා) වෙනම ස්ථානයක කවුටරයක් විවෘත කර තබන බව ද ඇමැතිවරයා කීය. කවුන්ටරයේ ලියාපදිංචි කරන වාහන ඉන්ධන ප්‍රවාහනයට සුදුසු තත්ත්වයේ පවතී නම් ඉන්ධන ප්‍රවාහනය සඳහා කඩිනමින් අවසර ලබාදීමට ඇමැතිවරයා අදහස් කර ඇත.

සංස්ථාව සතුව බවුසර් 160 ක් පමණ සහ ඉන්ධන හල් හිමියන් අතර බවුසර් 250 ක් පමණ පවතින නිසා ඉන්ධන බෙදාහැරීම ප්‍රමාදයකින් තොරව සිදුකිරීමේ හැකියාව පවතින බවද ඇමැතිවරයා කීවේය. මීට අමතර දුම්රිය මගින් (බෝගි) ඉන්ධන ගබඩා වෙත යැවීමටද හැකියාව පවතින බවද ඇමැතිවරයා වැඩිදුරටත් කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment